(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස හෙට 6 සිට යොදා ගන්නා බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය
පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇඳන් 400 හා ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨයේ ඇඳන් 200 කින් සමන්විත සියලුම පහසුකම් වලින් යුක්තව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ඇතැයි අධ්‍යක්ෂවරයා කීය
කළුතර නාගොඩ මහා රෝහල , බේරුවල ,දර්ගා නගරය හා අලුත්ගම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලය එම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ සේවය සඳහා කැඳවා ඇත
යුද හමුදාවෙන් එහි පහසුකම් සහ ආරක්ෂාව සැපයීම සිදු කරනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කීය
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය පිඹුර , බණ්ඩාරගම, මතුගම හා ඉත්තෑපාන රෝහල්වල කොරෝනා වෛරස ආසාදන රෝගීන් තුන් සියයක් පමණ දෙනා ප්‍රතිකාර ලබන අතර කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින් සියයට අධික ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd