(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස හෙට 6 සිට යොදා ගන්නා බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය
පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ඇඳන් 400 හා ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨයේ ඇඳන් 200 කින් සමන්විත සියලුම පහසුකම් වලින් යුක්තව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ඇතැයි අධ්‍යක්ෂවරයා කීය
කළුතර නාගොඩ මහා රෝහල , බේරුවල ,දර්ගා නගරය හා අලුත්ගම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලය එම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ සේවය සඳහා කැඳවා ඇත
යුද හමුදාවෙන් එහි පහසුකම් සහ ආරක්ෂාව සැපයීම සිදු කරනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කීය
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය පිඹුර , බණ්ඩාරගම, මතුගම හා ඉත්තෑපාන රෝහල්වල කොරෝනා වෛරස ආසාදන රෝගීන් තුන් සියයක් පමණ දෙනා ප්‍රතිකාර ලබන අතර කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින් සියයට අධික ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්