IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයකු සිටි නොර්වුඩ් සංචාරක නිකේතනයකට මුද්‍රා තබයි

(රංජිත් රාජපක්ෂ)
 
කොවිඩ් 19 වයිරසය වැළඳුණු සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරෙකු රැඳී සිටි නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් මුද්‍රා තබා සංචාරක නිකේතනයේ හිමිකරුගේ නිවස , ඔහුට අයත් ගාරාජයක් සහ පවුලේ සමාජිකයන්ව අද(23) දින නිරොධානයකට යොමු කිරීමට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පියවර ගත්හ.

 
එම රියදුරා ඉකුත් 14 දින බ්‍රිතාන්‍යය ජාතිකයන් තිදෙනෙකු හැටන් කාසල්රි ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක බංගලාවකට ප්‍රවාහනය කර එදින සිට 17 දින දක්වා අදාල සංචාරක නිතේකනයේ නතර ව සිට ඇත.
 
රියදුරා වයිරසය වැළඳී ඇති බවට සැක සිතී රෝහල් ගත වීමෙන් අනතුරුව එම රියදුරාව අංගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබිණි. වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් පසු සංචාරක නිතේකනය මුද්‍රා තබා එම සංචාරක නිකේතනයේ හිමිකරුගේ ගරාජය සහ පවුලේ සමාජිකයන් දින 14 ක් නිරොධනයට ලක් කිරිමට  නොර්වුඩ් ප්‍රාදේශීය සභාව කටයුතු කළේය.
 
අදාල සංචාරක නිකේතනය නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවත්, සංචාරක නිකේතනය මුද්‍රා තැබීමට ගිය අවස්තාවේ එහි හිමිකරු මුඛ ආවරණයක්වත් පැළඳ නොසිටි බවත් නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවෙල් මහතා පවසයි.
 
මේ අතර කාසල්රි ප්‍රදේශයේ සංචාරයට පැමිණි බ්‍රිතාන්‍යය ජාතිකයන් තිදෙනා මේ වන විට රටින් බැහැරව ගොස් ඇති අතර, ඔහුන් රැඳී සිටි හැටන් කාසල්රි ප්‍රදේශයේ සංචාරක බංගලාව මුද්‍රා තබා  එහි කාර්යය මණ්ඩලයද ස්වයං නිරොධානයකට  යොමු කිරීමට සෞඛ්‍යය අංශ අද(23)  කටයුතු කර ඇත.

 



අදහස් (0)

කොරෝනා ආසාදිතයකු සිටි නොර්වුඩ් සංචාරක නිකේතනයකට මුද්‍රා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site