(ජේ.කේ.එල් චාමින්ද)
ඊජිප්තුවේ සිට ගාලුවරායට ගොඩබසිනු ලැබු නෞකා මුහුදු ආරක්ෂකයකු වශයෙන් සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙම ඉන්දියානු ජාතිකයා කොළඹ අයි.ඩී.එච් රෝහලට පිටත්කොට යැවු බවද හෙතෙම පවසයි.
මෙකි නාවික ආරක්ෂකයා හා තවත් නාවික ආරක්ෂකයින් තිදෙනෙකු ඉකුත් 11 වැනිදින ගාලු වරායට ගොඩබැස ඇත. මොවුන් සිව්දෙනාම පී. සී.ආර්. පරික්ෂණවලට ලක්කර, ඔවුන් නවාතැන්ගෙන සිටින ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක නතර කිරීමට කටයුතු කරණු ලැබීය.
කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවී ඇති ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයා සමග ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු හා යුක්රේන් ජාතික මුහුදුආරක්ෂකයකු ගාලුවරයාට ගොඩබැස ඇති බවද ඒ මහතා සඳහන් කළේය. එම මුහුදු ආරක්ෂකයින් තිදෙනා ගාලු වරාය වෙත බොට්ටුවකින් රැගෙන එනු ලැබු එම බොට්ටුවේ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු ද දැඩි නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බවද සිංගාරච්චි මහතා පැවසීය.
මොවුන් නැවත දින 7කින් පී. සී. ආර්. පරීක්ෂණ සදහා යොමුකිරීමට කටයුතු කරන බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයිඩීඑච් රෝහලට