( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සේවය කරන නිලධාරිනියක කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම ඒකකය සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
කුරුණෑගල නගරයේ මහ වීදියේ ව්‍යාපාරික ස්ථානයක සේවය කරන කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ කාන්තාවක සමඟ සමීපව ඇසුරු කළ නිලධාරිනියක් දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සේවයේ නියුතුව සිටීම සැලකිල්ලට ගෙන එම ඒකකය වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd