(ක.ග. කරුණාරත්න)
වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ යුද හමුදා කාර්ය මණ්ඩලයේ 68ක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 30 ක් නිරෝධායනය සඳහා අද (10) යොමු කළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.
යුද හමුදා සාමාජිකයින් පිරිස මින්නේරිය කටුකැලියාවේ පිහිටි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතටත් සෞඛ්‍යය කාර්ය මණ්ඩලය තම තමන්ගේ පෞද්ගලික නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහාත් යොමුකළ බව ඒ මහතා කීය.
මේ අතර දැනට කොරෝනා වැළඳී ඇති රෝගීන් බවට හඳුනාගෙන ඇති 252 දෙනා කන්දකාඩුවේ පිහිටා තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම පැවැසීය.
කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින සෙසු අයගේ පි.සි.ආර් පරීක්‍ෂණ වාර්තා අද(10) පස්වරුව වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ,වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ 98 ක් නිරෝධායනයට
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 09:53 AM
පසුගිය කාලයේ නිතර දෙවේලේ ඇසුණු නිරෝධායනය යන වචනය නැවත ඇසෙන්නට පටන් ගත්තේය. මේ වචනය යළි නොඇසීමට ලැබේවායි සිතූ අපට නැවතත් එය ඇසෙන්නට පටන් අරන් ඇත. මත්ද්‍රව්‍ය කරුවන් හා ගංජා කරුවන් නිසා මේ තත්ත්වය නැවත ඇතිවිය. මත්ලෝලින් ගැන මීට වඩා පරිස්සමකින් යුතුව කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ මෙන්ම, ආරක්ෂක අංශ ද සිහි තබා ගත යුතු කරුණකි.