නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙවන වරටත් එහි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජ හරණය කිරීම සිදු කරන ලදි.
එසේම වරාය පරිශ්‍රයට අතුළුවන දොරටු ප්‍රදේශයන් ආශ්‍රිතවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කිරීමේ වැඩසටහනක් අද දිනය තුළදී ක්‍රියාත්මක කරන ලද අතර, මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටි.
( නාවික හමුදා මාධ්‍ය අංශය)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොටුව දුම්රිය ස්ථානය - වරාය පරිශ්‍රය යළි විෂබීජහරණය කරයි
chandima Saturday, 21 March 2020 02:51 PM
බලන්න එකම රෝගියෙක්වත් නැති තැන්වලට තෙල්ගහන්න යන්න මුළු ශරීරේම වැහෙන්න ඇඳුම් ඇඳගෙන යනවා.