IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කටුනායක කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට අවධානය

(ටී.කේ.ජී. කපිල )

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සදහා මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 2 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

එසේම මෙම කොරෝනා වෛරසය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යාමට එම ප්‍රදේශයේ ඇති නේවාසිකාගාරවල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව 100 ක් 150 ක් පමණ සේවිකාවන් සිටියද, ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සදහා වැසිකිළි ඇත්තේ 3 ක් හෝ 4 ක් වීම මෙයට නිදසුනක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

ඊට අමතරව මෙම ප්‍රදේශයේ කම්හල් වල සේවකයින් ස්ථිර සේවය සදහා බදවා නොගෙන, තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් 'මෑන් පවර්' ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම ද මෙම වෛරසය මෙම ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.



අදහස් (9)

කටුනායක කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට අවධානය

Nuwan Friday, 16 October 2020 02:06 PM

මේ පාර ගිහින් ඉඹින්න මූණක් තියේවිද දන්නේ නැහැ.

:       1       27

සනත් ඉතාලිය Friday, 16 October 2020 05:03 PM

පාලකයො අපේ බදු මුදලින් අපේ කතිරෙන් සුවිසල් මාලිගාවල සුර සැප විදිනකොට සාමාන්‍ය ජනතාව විඳින දුක දකින්න මේවගේ ව්‍යසනම එන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාලය ආයෝජන ප්‍රවර්ධන කලාප පාලකයින්ට වැජඹෙන්න ධන උල්පත්. 71වසරක් ගිහිල්ලත් පොඩි මිනිහා දවසින් දව අගාධයට පාලකයෝ දිව්‍යලෝකෙට අහෝ මගෙ රට මගේ ජාතිය දුප්පත් අහිංසක ජනතාව...

:       1       35

NIMALFriday, 16 October 2020 06:14 PM

රටවිරුවා, තමුන්ගේ අන්තිම ටිකට් එක අරගෙන ඇවිත් ඡන්දය දීලා දැන් මේ මොනවද කියවන්නේ..?

:       1       3

kamalSaturday, 17 October 2020 04:21 AM

එක රටක්, එක නීතියක්, එක 69 ලක්ෂයක මෝඩයින් රැලක්...

:       4       8

මරියා Saturday, 17 October 2020 06:22 AM

69 ලක්ෂයට බැනලා වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු හරිම සංවේදියි, මෝඩයි සහ දේශපාලන දැක්මක් නැහැ. මේ අසරණකම උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තු අවස්ථාව තමයි 69 ලක්ෂය අවස්ථාව. ඇත්ත, රටේ මෝඩයින් ලොකු කොටසක් ඉන්නවා. ඒ වගේම ටයි කෝට් දාන අවස්ථාවාදී, උගත්, ඒ වුණාට බයියෝ නෙවෙයි වගේ වෙස් වලාගත්තු කොටසකුත් ඉන්නවා. ඒ දෙකම එකතු වෙලා තමයි මේ පාර 69 ලක්ෂය හැදුනේ. රෑ වැටිච්ච වලේ මහ දවල් වැටෙන එක දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේම තියෙනවා...

:       3       10

Mahesh Friday, 16 October 2020 06:09 PM

පළාත් අතර ගමනාගමනය හෝ සීමා කරන්න කටයුතු කළයුතුයි. නැත්නම් මේක කොහෙන් නවතියිද කියන්න බෑ.

:       0       5

Ashan Friday, 16 October 2020 10:45 PM

රටේ ජීවනාලිය වගේ ඉන්න මේ අහිංසක දරුවන් කොච්චර දුක් වින්දත් සුර සැප විඳින පාලකයින්ට ගානක්වත් නෑ. ළමයි 100ට වැසිකිලි 3,4 කියන්නේ මොනතරම් දුකක්ද? මේ අහිංසකයින්ගේ දහඩියෙන් සැප විදින අයට හොඳක් නම් වෙන්නේ නැහැ.

:       1       6

Banda Saturday, 17 October 2020 03:18 AM

නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට...

:       1       9

ගයාන් Saturday, 17 October 2020 01:45 PM

කටුනායක BOI වැඞ කරන අයට නිවාඩු දෙන්නේ නැතුව වැඩට ගෙන්නනවා. අසාධිතයින් දැන් වැඩිවෙනවා. තව ටික දවසකින් කටුනායක ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2234 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site