ටෝකියෝ (ඒ.එෆ්.පී)
මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොරා්නා වයිරසයේ බලපෑම හේතුවෙන්, තවත් වසරකින් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. එහෙත් එය ‘ටෝකියෝ 2020‘ යනුවෙන්ම හැඳින්වෙන බව ටෝකියෝ ආණ්ඩුකාරයා වන යුරිකෝ කොයිකි පැවසීය.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ටෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීමට තමන් එකඟ වූ බව ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා පැවසීය. මෙම තීරණය ගැනීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ලෝකය පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝත්, ඇමරිකා එක්සත් ජනපදයත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා කරමින් සිටීයහ.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් කැනඩාව මෙන්ම ඕස්ටේ්‍රලියාවද මේ වන විටත් ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වී සිටිති. එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව කියා සිටින්නේද ඔලිම්පික් උළෙල කල්දැමීම මේ වන විට ෂතුව තිබෙන හොඳම විකල්පය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වසරකින් එම තරගය පැවැත්වීමට ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමු.