IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


එලිසබෙත් රැජිණ ස්වයං-නිරෝධායනයට

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් රජය ලබාදුන් උපදෙස් පිළිපදිමින්, ස්වයං- නිරෝධායනයට යොමුවීමට එංගලන්තයේ දෙවන එලිසබෙත් මහරැජිණ තීරණය කර තිබේ.
 
ඒ අනුව, පාස්කු සමය ද ඉක්මවා වූ කාලයක් එංගලන්තයේ, බර්ක්ෂයර් ප්‍රාන්තයේ පිහිටි වින්ඩ්සර් මන්දිරයේ රැඳී සිටිමින් සෞඛ්‍ය පියවර ගැනීමට රැජිණ තීරණය කර තිබේ.
 
බකින්හැම් මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ,  93 හැවිරිදි රැජිණ බර්ක්ෂයර්හි පිහිටි රාජකීය මන්දිරය වෙත හෙට(19) පිටත්ව යන බවය.
 
පාස්කු සමය වෙනුවෙන් ඇය සාමාන්‍යයෙන් වින්ඩ්සර් මන්දිරයට යාමට නියමිත දිනයට සතියකට පෙර ම ඒ අනුව ඇය එහි යනු ඇත.
 
බකිංහැම් මන්දිරයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ උද්‍යාන උත්සව සියල්ල අත්හිටුවීමට ද රැජිණ පියවර ගත්තාය. 
 
රැජිණ නිරෝධායනයට ලක්වීමට නියමිත බලකොටුව, ඇගේ ප්‍රියතම නිවස වන අතර, නියමිත උපදෙස් අනුව එහිදී ගෘහස්ථ කටයුතු වෙනුවෙන් යම් පිරිසකට කටයුතු සීමාකර සීමා කරගනු ඇත.
 
රැජිණ අප්‍රේල් මාසයේදී 94 වැනි ජන්ම දිනය සැමරීමට නියමිතය. මේ වනවිටත් අසනීප තත්වයේ පසුවන්නන්ට සහ වියපත් පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්තවීමේ දැඩි බලපෑමක් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමඟ රැජිණ ද නීරෝධායනයට යොමුවීමට තීරණය කර ඇත.



අදහස් (1)

එලිසබෙත් රැජිණ ස්වයං-නිරෝධායනයට

Senevirathne Wednesday, 18 March 2020 07:54 AM

මා දුටු ලොව නිහතමානිම කාන්තාව මැයයි. මැය වචනයේ පරිසමාප්තියෙන්ම රැජිනකි. ඔබට දීර්ඝායුෂ ලැබේවා!

:       25       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site