(අතුල බණ්ඩාර)

එප්පාවල රාහුල ප්‍රාථමික විදුහලේ පහ ශ්‍රේණියේ එක් පන්තියක් දින නියමයක් නොමැතිව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.

එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියකුට කොරෝනා වයිරසය ආසාධනය වී ම නිසා මෙම පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.