IMG-LOGO

උසස් පෙළ සිසුන්ට මෙහෙයුම් මධ්‍යථානයක්

(ඩයනා උදයංගනී)
 
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අනතුරු හෝ ආපදා හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් මතු වුවහොත් ඔවුන්ට උපකාර කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව  එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය යන අංශයන්හි සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.
 
විභාගය ආරම්භ වන හෙට  (12) සිට නොවැම්බර් 06 දින දක්වා පැය 24 පුරා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
කිසියම් දරුවෙකුට අනතුරක් හෝ ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 117, විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ 070 2117117, 011 3668032/ 28/ 29 හෝ 30 යන දුරකතන අංකයන්ට දැනුම් දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා ගත හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.  
 
 



අදහස් (2)

උසස් පෙළ සිසුන්ට මෙහෙයුම් මධ්‍යථානයක්

ගුණතිලක Sunday, 11 October 2020 10:54 AM

කොරෝනා වෛරසය නිසා පාසැල් වල අධ්‍යාපන කටයුතු අඩාල වීමෙන් සියළු දරුවන්ට විවිද කරදර රැසකට මුහුනදෙන්න වූනා. මේ අනපේක්ෂිත කරදරය හේතුවෙන් මෙවර විභාගයට පෙනීසිටින දරුවන් බොහෝ මානසික පීඩා අත්විඳින්න ඇති. මේ කාර්යය දරුවන්ගේ මානසික ශක්තිය ඉහලනැන්වීමට මෙන්න මෙම ආපදාකාරී අවස්ථාවේ දරුවන් වෙනුවෙන් ගන්නාලද ඉතා වටිනා තීරණයක් බවයි මගේ හැගීම.

:       0       0

vidya Sunday, 11 October 2020 06:10 PM

මගේ කිරි දරුවනි ඔබ සැමට විභාගය කිවම උවදුරකින් තොරව කිරීමට සොභා දහමේ ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site