උස්බැකිස්ථානයේ කෙරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා පනවා ඇති සීමාවන් ජුනි 15 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවද සමහර සීමා ලිහිල් කිරීමට උස්බැකිසථාන රජයේ බලධාරීන් පියවර ගෙන තිබේ.ඒ අනුව දේශීය සංචාරයන් සඳහා ඉඩ ලබාදෙන බවත් පාපන්දු ක්‍රීඩා ආරම්භ කිරීමට ඉඩ දෙන බවත් බලධාරීහු පවසති.
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් මාර්තු මාසයේ සිට උස්බැකිස්ථානයේ සියලුම පළාත් වසා දැමුණ අතර අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර ද නවතා දැමිණ.
මිලියන 34ක ජනගහනයක් සිටින මධ්‍යම ආසියානු රටක් වන උස්බැකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 3 513ක් වාර්තා වී ඇති අතර මරණ 13ක් සිදුවී තිබේ.
අලුතින් අනාවරණය කරගත් ආසාදන පදනම් කරගෙන රට රතු, කහ සහ කොළ ලෙස කළාප වලට බෙදා ඇති අතර හරිත කළාප වල ළමා ගිම්හාන කඳවුරු, විනෝදාත්මක හා ක්‍රීඩා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට ඉඩ ලබාදී තිබේ.
එම කළාපයේ විවාහ මංගල උත්සව හා වෙනත් සාම්ප්‍රදායික උත්සව පැවැත්වීමට ද අවසර දී ඇති නමුත් අමුත්තන් සංඛ්‍යාව 30කට සීමා කර ඇත.දේශීය ගුවන් ගමන් සහ දුම්රිය සේවා නැවත ආරම්භකර තිබේ
නරඹන්නන් නොමැතිව පාපන්දු තරඟ පැවැත්වීමට අවසර දී ඇත.
රතු කළාප වල හැර බස් ධාවනයට අවසර දී ඇත.
කෙසේවුවද විදේශිකයන් සඳහා දේශසීමා විවෘත වන්නේ කවදාදැයි තවම නිවේදනය කර නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි