ඉන්දියාවේ නගර 80කට ආසන්න සංඛ්‍යාවක කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට ඉන්දීය බලධාරීහු අද (23) පියවර ගත්හ.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණක් ලෙස ඉන්දීය බලධාරීහු ඊයේ එම පියවර ගත්හ. ලොව දෙවැනියට විශාලතම ජනගහනයක් සිටින රට වන ඉන්දියාව ඊයේ (22) මුළු රටටම ඇඳිරි නීතිය ද පැනවීය.
‘‘කොරෝනා ආසාදිතයන් හෝ කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන පිරිස් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 75ක අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියල්ල නවතා දමනවා. ඊට අදාළ ප්‍රාන්ත ආණ්ඩු විසින් නිකුත් කරනවා’’ යැයි ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නියෝග මත පැය 14කට ඉකුත් දා ඇඳිරි නීතිය පැනවිණි.
‘‘මෙය දීර්ඝ සටනක ආරම්භය’’ යැයි ඇඳිරි නීතිය අවසන් වූ අවස්ථාවේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ නගර සීමාවලට සීල් තැබීමටත් ඉන්දියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නගරයද නව නියෝග හේතුවෙන් පාළුවට ගොස් තිබිණි.
නවදිල්ලියේ පමණක් මිලියන 20කට වැඩි පිරිසක් ජීවත්වෙති.
මාර්තු 31 වැනිදා වනතෙක් සියලු මඟී දුම්රිය ගමන් නැවැත්වීමට ඉන්දීය බලධාරීහු පියවර ගෙන ඇත. මිලියන 25කට වැඩි පිරිසක් දිනකට දුම්රිය සේවා භාවිත කරති.
ඒ.එෆ්.පී./රොයිටර්
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවේ නගර 80ක සියලු කටයුතු නවතා දමයි