නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක පසුකර තිබේ.
ලෝකයේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙකේ සීමාව පසුකළ තෙවන රට වන්නේ ඉන්දියාවයි.
විචාරකයින් පවසන්නේ ඇමරිකාවට හෝ බ්‍රසීලයට වඩා ඉක්මනින් ඉන්දියාව මෙම සීමාව පසුකළ බවයි. දෙවන මිලියනය දක්වා යෑමට ඉන්දියාවට ගතවී ඇත්තේ දින 20කි.
ඒ් අනුව මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2,025,409ක් වාර්තා වී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 62,170ක් තහවුරු කරගෙන තිබේ.
ඉන්දියාව මේ වනවිට ලෝකයේ වැඩිම දෛනික රෝගීන් වාර්තා වන රට බවට ද පත්වී තිබේ.
ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40,700කි.
මරණ සංඛ්‍යාවෙන් ඉන්දියාව ලෝකයේ පස්වන ස්ථානයට පැමිණ ඇත.
කෙසේවුවද විශේෂඥයින් පවසන්නේ බිලියන 1.3ක් වන ඉන්දියානු ජනගහනය හා සසඳන විට ඒය ඒතරම් ඉහල අගයක් නොවන බවයි.
ඉන්දියාව සැලකියයුතු ප්‍රමාණයකින් කොරෝනා වයිරස පරීක්ෂණ පුළුල් කර ඇති නමුත් සමහර ප්‍රාන්ත වල සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කොරෝනා වයිරස මරණ ගනනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්දව ඉන්දියානු රජයට චෝදනා ඒල්ල වී ඇති අතර මරණ වාර්තා කිරීම් ප්‍රමාද වන බවටද කොරෝනා මරණයක් බවට තහවුරු කිරීමේ නීති රීති සම්බන්දව ද විවේචන ඒල්ලවී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන දෙක පසුකරයි