කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
මෙම වසංගතයේ අවදානම දැනගෙන, තමාත් තම රජයත් එය පාලනය කිරීමට කල්තියාම පියවර රැසක් ගත් බව කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ඒ සඳහා සුවිශාල සේවයක් ඉටුකළ බවත් සඳහන් කළේය.
කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
වර්තමාන වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල්දමනු ලැබූවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත්, මැතිවරණය යළි පවත්වන දිනය තීරණය කළ යුත්තේ කලින් නියම කර තිබූ දිනය වෙනස් කළ ස්වාධීන මැතිවරණ කොමිසමම බවත්, ජනාධිපතිවරයා කීවේය.
පවතින තත්ත්වය හමුවේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීමේ අවස්ථාව මැතිවරණ කොමිසමට තිබෙන බවත් අවශ්‍ය නම් මැතිවරණය සඳහා දින කිහිපයක් වූවද ගත හැකි බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවැසීය.
කුමන හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමාට අවශ්‍යතාවක් නැති බවත්, ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයකුත් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කරන ඉල්ලීම් හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙනයා හැකි යැයි සිහින දකින අයගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු ටිකත් ඔබතුමාම කරගෙන යන්න.... අර 225 නම් පළාතේ වද්දා ගන්න එපා. ඔබතුමා ගැන මහජනතාවට ලොකු විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතිනවා. එම විශ්වාසයට ගරු කරමින් මේ රට කරගෙන යන්න.
අහගත්තනේ... හිටන් වගේ නෙවෙයි හොදේ... ගැටවලට අහුවෙන්නේ නැහැ..!!!
ඒත් ඇත්ත.... ඉතිරි ටික කියන්නෙ අනිත් සේරම කාල ඉවරයි කියල පිළිගන්නවා.
ශක්තිමත් පාර්ලිමෙන්තුවක් හදලා දෙමු... නැතිනම් ඔක කරගෙන යන්න බැහැ. සහන දෙන්නත් බැහැ.
2019 නොවැම්බර 16 දින, ජනතාව ඔබට රට බාර කලේ නැවතත් රටේ ආරක්ෂක තත්වය භාර කිරීමටත්, රට ආර්ථිකවයම සුඛිත මුදිත කිරීමටය. ඔබතුමා සහ අගමැතිතුමා එය අකුරටම ක්‍රියාත්මක කිරීම ගැන, ජනතා ප්‍රසාදය මෙන්න.
මේවගේ අවස්ථාවකවත් රජයට සහය දෙන්න විපක්ෂට බැරි අයි? මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙ.... ජාතික වියසනයකදී සියලු දේශපාලකයන්ගේ පක්ෂ විපක්ෂ , ක්‍රියාකලාපය හොදින්ම අධ්‍යයනය කරලා ජනතාව තීරණ ගන්න ඕනේ. UNP එක සම අවස්ථාවකම ජාතික ගැටලුවකදී නිවැරදි තීරණ ගත්තේ නැහැ .. ඔවුන් සැමවිටම පටු දේශපාලනය කරන්න ගියේ.. එයින් වැඩිම හානියක් උනේ ඔවුන්ගේ පක්ෂට ඒ වගේම මුළු මහත් රටටම. යුද්දය පවතී අවස්ථාවේදී , UNP නායකයන්ගේ ක්‍රියාකලාපය ඉතාම පහත මට්ටමක තිබුනේ .. එනිසා තම අදත් ඔවුන්ට ජන්ද නොලැබෙන්නේ.. මේ අවස්ථාවේදීවත් කොරෝන මර්දනයට සහය දීල ඒ නැතිඋනා දේශමාමකත්වය නැවත ලබාගන්න පක්ෂයක් විදියට ක්‍රියාකරන්න. නැත්නම් දේශද්‍රොහී පක්ෂයක් කියන හැගීම නැතිවෙන්නේ නැහැ ..
ඔව් ඔව්. සොහොන් හදල, මිග් වලින් ගහල ඉතුරු ටිකත් කාලම යන්නද හදන්නේ? ඔය අයියලා, මල්ලිලා ටික එකතු උනාම ඉතින් ආයෙත් රටක් ඉතුරු වෙන එකක් නෑ.
මාර්තු මස 16 සිට දිනපතාම ලංකාව තුල සජීවී රෝගීන් ප්‍රමාණය (Active cases ) දිනපතාම සාපේක්ෂව වැඩිවන අතර සමහර දින කීපයක එය යම් ස්ථාවර බවක් පෙන්වා ඇත. නමුත් දකුණු කොරියාව, ඔස්ට්‍රියාව, ඔස්ට්රෛලියව හා නවසීලන්තය දෙස බැලීමේදී ඔවුන්ගේ ප්‍රමාණය විශාල වුවත් ගතවූ සති දෙක තුනේ ඔවුන් Active cases දලවශයෙන් අඩකින් අඩුකරගෙන ඇති අතර එය දිනපතාම පහල යමින් තිබේ. ඔවුන් එමගින් තමන්ගේ අසාදිත වක්‍රය තම පාලනයට ගෙන ඇති අතරඔවුන් තව දුරටත් සමාජ දුරස්ථ භාවය (1-1.5 මීටර පරතරය) පවත්වාගෙන යාම මගින් මෙය තම පාලනය යටතේ තබා ගැනීමට දිගටම ක්‍රියා කරයි. වර්තමානයේ රජය වඩාත් තැති ගැනීමට හා බියට පත්වී වික්ශීප්තව සිටිනුයේ කොරෝන වලින් (ජනතාවට) වන හානිය පිලිබදව නොව දිනෙන් දින අගාදයට යන ආර්ථිකය හේතුවෙනි.
ලෝකෙටම අභියෝගයක්... මෙතුමාට අභියෝග වලට මුහුණ දීල පුරුදුයි
සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවාලූ හැබයි දේශපාලුවෝ කිසිම දෙයක් පිලිපදින්නේ නෑනේ. ඔවුන්ට ඕන ඡන්ද ... මුලින් තමන් අදාර්ශමත් වෙන්න ඕන...
මහින්ද අයියගේ කටින්, ඔය වචන ටික කියවුනා නම් තමයි මසුරං. ඉතිරි ටිකත් ඉවර කරන්න......මට දෙන්න.
අයියා කෑවා ගොඩක් ඉතිරි ටික මල්ලි කාලා ඉවර කරයි තමයි
ඉතුරු ටික ඉවර කරද්දී අපිත් ඉවර වෙලා තියෙයි
මේ කොමෙන්ට් ඔක්කොම දේශපාලන ලේ වල පාට අනුව ලියපුවා. මේ වෙලාවේවත් දේශපාලනය කතා නොකර ඉන්න අපේ දේශපාලන පක්ෂ අනුගාමිකයින්ට බැරි එක හරිම කණගාටුවක්. ජාතික ව්‍යසනයකින් ගොඩ එන්න අවශ්‍ය ඒ සඳහා වන කැපවීම පමණයි. එක එක්කෙනාගේ රෙදි හෝදන්න ඕනේ නැහැ. හමුදාව දැන් දෙන්නේ ඒ වගේ ක්‍රියාන්විතයක්.
ඔන්න බලන්න අපේ හරක් මහින්දගේ දෑත ශක්තිමත් කරන්න අර හොරු ටිකම ප්‍රාදේශීය සභාවලට එහෙම දැම්මා වගේ මේපාර ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න ඔක්කොමලා යවනවා.ජයවේවා ! අපේ ළමයා සහ ඔහුගේ ළමයත් ලෝකෙට ණය කරුවෙක්ම වේවා !
වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ ජනතා සහයෝගය ඉහළයි. එහෙම තියෙද්දී ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග බාර් ඇරියේ ජනතා සහයෝගට අතුල් පාරක් ගහලා. වෛද්‍යවරු එහි ආදීනව නැවත නැවත කියද්දි වැහුවා. කකුළු පැටවුන්ට කෙලින් යන්න කියනවා වගේ වැඩ.
අර 225 නම් පළාතේ වද්දා ගන්න එපා" ඔබතුමාගේ ම 225 තෝරාගන රිසි සේ රට පාලනය කරන්නේ ඒකනේ.
අද අපේ රටේ කෙරෙන ප්‍රචාරයන් බොහොමයක් විශ්වාස කරන්න අමාරු තත්වයක තිබියදී ජනතාවගේ ඇස් වලට වැලිගසා ජුනි 20 මැතිවරණයක් ප්‍රකාශ කරමින් මේ කරන්න යන්නේ ඉතාම වගකීම් රහිත භයානක ක්‍රියාවක් බවයි පෙනෙන්නේ.
බලලෝභී, දුෂිත දේශපාලුවන්ගේ කතා කොහොම විශ්වාස කරන්නද ?
තවත් තියෙනවද හැබැටම ඉවර කරන්න
මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් කල්තියාම උපන්දින තෑග්ගක්වත්ද ?
ලැබෙන කොරෝනා ආධාර සහෝදර සමාගම .....?
රටේ නය ට්‍රිලියන 12.5 හා ..20 කරන්න ද?
ඔවු අපි දැක්ක මේ මාස 4 ට කරපු මොන ටිකද ? කරපු ගොඩ