IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ.

පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව ඔහුට වයිරසය තහවුරු වී ඇති බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් අන්දෝලු පුවත් සේවයට පැවැසීය. ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා ය.
 
 ‘‘සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔහු ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා’’ යැයි ද අමාත්‍යාංශ ප්‍රකාශක පැවැසීය.
 
 ඇෆ්ගනිස්තානය පුරා වයිරසය වේගයෙන් පැතිර යෑමේ අවදානමක් නිර්මාණය වී ඇත.
 
 අද (8) පස්වරු 2 වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,563ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 106ක් ලෙස දැක්විණි.
 
 අල්ජසීරා
ඡායාරූපය : ඒ.එෆ්.පී. 
(055)



අදහස් (0)

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site