
චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.
නැගෙනහිර වර්ජිනියා ප්‍රාන්තය ද කොරෝනා ආසාදිතයකු වාර්තා කළ අතර, ඒ අනුව, මේ වනවිට ඇමෙරිකාවේ 6,000ක් ආසාදිත තත්වයේ පසුවෙති. පුද්ගලයන් 100දෙනෙකු මියගොසිනි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, වර්ජිනියා ප්‍රාන්තයෙන් කිසිදු රෝගියකු වාර්තා නොවීම පිළිබඳව ප්‍රසාදය පළකරමින් ඊයේ දිනයේදී අදහස් දැක්වීය.
‘මම හිතන්නෙ වර්ජිනියා ප්‍රාන්තයට වෛද්‍ය කණ්ඩායම් අවශ්‍ය වන එකක් නැහැ. තවම කිසිම ආසාදිතයකු එයින් වාර්තා වී නැහැ’ යැයිද ට්‍රම්ප් මහතා පවසා ඇත.
එහෙත් ඊට පැය කිහිපයකට පසු වර්ජිනියා ප්‍රාන්තයෙන් පළමු රෝගියා හමුවූ බව එහි ආණ්ඩුකාරවරයා සනාථ කළේය.
‘අපි ඉන්නෙ එකම බෝට්ටුවේ. අපි සේරටම මේ වයිරසයට මුහුණදෙන්න වෙනවා.’
වර්ජිනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු ඉතා දුර්වල මට්ටමෙන් කෙරෙන බැවින්, වෛද්‍ය පරීක්ෂණ සීමිතව සිදුකිරීමේ ස්වභාවය අනුව, ආසාදිතයන් සංඛ්‍යාව තවම නිශ්චිතව හඳුනාගෙන නැති බවද පැවසේ.
මේ අතර, ට්‍රම්ප්ගේ පරිපාලන ඒකකය විසින් සමාජයෙන් දූරස්ථව නිවාසවලට සිටින්නැයි සියලු ඇමෙරිකානුවන්ට දැනුම් දී තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 7ක පමණ ජනතාවකට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීමට නියම කර ඇති අතර, නිව්යෝක් නුවර ඇතුළු නගර කිහිපයක ම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික කටයුතු නවතා දමා ඇත.
සුළු හෝ අසනීප තත්වයක් පවතින පුද්ගලයන් වේ නම් ඔවුන්ට සති දෙකක කාලයක් නිවාසවල රැඳී සිටීමටද උපදෙස් ලබා දී ඇත.
කොරෝනා වයිරසයෙන් අපේක්ෂා කළ සීමාව ඉක්මවා ආසාදිතයන් සහ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වෙමින් සිටින බව විශේෂඥවරු පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව ගිහින්
max Wednesday, 18 March 2020 07:05 AM
ජවිපෙ සහ සජබ ගෝල බාලයෝ මුහුණු පොතේ නටන විදිහට මේකටත් ලංකාවේ ආණ්ඩුවට වරද පටවන්න බැරි නැහැ.
Sena Wednesday, 18 March 2020 07:56 AM
අර්බුදයක් ඇතිකර එයින් ගොඩයාමට උත්සහකරන්නා එම අර්බුදයෙන්ම විනාශවේ.
සෙනෙවිරත්න Wednesday, 18 March 2020 02:37 PM
ජවිපෙ කිසිම අයෙකු එවැන්නක් නොකරන බව වෛද්‍ය නලීන් ජයතිස්ස අද දින කළ ප්‍රකාශ අනුව තහවුරුවේ. එහෙත් සේනා දළඹු උවදුර සහරාන් ප්‍රහාරය අවස්ථාවේදී මහින්ද පාර්ශවය හැසිරුණු ආකාරය අමතක වූ හැඩයි.
jayath Thursday, 19 March 2020 02:44 AM
මගේ නම් ඒකායන ප්‍රාර්ථනය ඉක්මණින්ම අනිකුත් ප්‍රාන්තත් මේ බෝට්ටුවටම වැටේවා කියලයි (මිනිසුන් නොමැරී)