IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවයි

 ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

කොරෝනා ආසාදිතයන්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් පිරී ගොස් ඇති අතර වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් ද උද්ගතව තිබේ.

ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (27) රාත්‍රී 9 වනවිට  වාර්තා වී තිබු සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 103,346 ක් විය. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,632 කි. කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලටය.

කොරෝනා ආසාදිත රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේර්ස්) මෙන්ම පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් පවතින බව ඇමෙරිකානු වෛද්‍යවරු පවසති.

ඊට අමතරව ඖෂධ , වෛද්‍ය සැපයුම් මෙන්ම පුහුණු කාර්යමණ්ඩලවල හිඟයක් පවතින බවද ඔවුහු පෙන්වාදෙති.

සිකුරාදා පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 16,000 වැඩි විය.

මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.

සිකුරාදා දිනයේදී පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 300 ඉක්මවීය. එක් දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් මරණ 300 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව එය විය.

වැඩිම මරණ ගණනක් වාර්තා වන රටවල් අතර ඇමෙරිකාව 6 වැනි තැන පසුවෙයි.


රොයිටර්ස් 

055

   



අදහස් (5)

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවයි

ලක්මාල් Saturday, 28 March 2020 02:39 AM

ඇමෙරිකානු පාලකයන් කියන්නේ කිසිම හිතක් පපුවක් නැති පිරිසක්. නමුත් අහිංසක මිනිස්සු පව්.

:       38       86

Rohana Saturday, 28 March 2020 03:28 AM

මෙතරමි විශාල ලෙස රෝග ව්‍යාප්තියට හේතුව ට්‍රමිප්ගේ නොසැළකිල්ල.

:       35       47

Ajantha Saturday, 28 March 2020 04:24 AM

කරපු ‌දේවල් තමා.

:       45       50

රවින් Saturday, 28 March 2020 04:44 AM

ඒ පැත්තෙන් බැලුවහම අපි වාසනාවන්ත නැද්ද? අපේ පුරුවේ පිණකටද කොහෙද අර 225 පාර්ලිමේන්තුවේ විසුරුවලා දැම්මේ. නැතිනම් මෙලහකට ලංකාවෙන් අඩුමගානේ 5000 ක් වත් එලොව ගිහින් . ලංකාව වාසනාවන්ත රටක් කියලා හැමෝටම තේරෙන්නේ දැන්. උගත් බුද්දිමත් මේරට වැසියන්ට සැබවින්ම ආදරේ කොටසක් කාලෝචිතව ගත්තු තීරණ නිසා තවදු එකදු මරණයක් හෝ නොවී සියලු දෙනාව හොඳින් බලාකියා ගන්නා සෞක්‍ය අංශයේ අපේම සහෝදර සහෝදරියන් ලැබීමටත් අපි වාසනා වන්තයෝ නොවේද?

:       1       115

maalaka Saturday, 28 March 2020 05:58 AM

අඩුම තරමේ ඇමෙරිකාව ඇත්ත ගණන කියනවා, චීනය වගේ නොවෙයි.

:       1       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 224 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 112 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site