(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුල සිදු කල විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 1001 සහ වාහන 215 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඉකුත් 20 වෙනිදා සිට මේ දක්වා පුද්ගලයන් 26830 ක් සහ වාහන 7000 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරිස යොදවා විශාල ශ්‍රමදානයක් කරවා මුළු රටම පිරිසිදු කරන්න පුළුවන්නේ . මෙම වටිනා සම්පත වන ශ්‍රමය අපතේ හැරීම අපරාධයක් ...
මේ මිනිස්සු අත්අඩංගුවට ගන්නේ නැතුව ලොකු දඩයක් ගැහුවානම් ඉවරයි. අත්අඩංගුවට ගත්තහම නඩත්තු කරන්න කොච්චර සල්ලි ඕනද?
මේ නීතිය සාමාන්‍ය මහජනයාට පමණයි. දළ කාරයින්ට මෙය බලපාන්නේ නැහැ නේද? කුරුණෑගල ලඟදි වාර්තා වුන අන්දමට ඇඳිරිනීතිය උල්ලන්ඝනයකළ සල්ලිකාරයෙක් ගැන පොලිසිය ක්‍රියාකළේ නැතිලු. දෙවියන් මේ වගේ අයට වැඩිය සලකනවද?
එක් පුද්ගලයෙකුගෙන් රු. 25000ක මුදලක් දඩ වශයෙන් අයකර කොරෝනා අරමුදලට බැර කරන්න.