ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය.
එම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා ඇට්ලන්ටා පොලිස් ප්‍රධානි එරික් ෂීල්ඩ්ස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ද සිදුවිය. ඇට්ලැන්ටා පොලිස්පතිනිය එරිකා ෂීල්ඩ්ස් සිය ඉල්ලා අස්වීම නගරාධිපති ක්‍රිෂා ලාන්ස් බටන්ස්ට බාර දුන්නේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
වෙඩි තැබීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා පරිපාලන කටයුතුවලට අනුයුක්ත කර ඇතැයි ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කළේය.
මෙසේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූයේ 27 හැවිරිදි රෙෂාඩ් බෲක්ස් ය. හෙතෙම අප්‍රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත කළු ජාතික තරුණයෙකි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී ය.
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් මැයි 25 වැනිදා මරණයට පත්වූ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් මේ වනවිට තෙවැනි සතියටත් ඇමෙරිකාවේ නගර සිය ගණනක විරෝධතා පැවැත්වෙයි. පොලිස් ප්‍රතිසංස්කරණ කරන්නැයි ඉල්ලමින් සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතා මේ වනවිට ලොව ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වී ඇත.
රෙෂාඩ් බෲක්ස් 'වෙන්ඩීස්' නමැති අවන්හලට සිය මෝටර් රථයෙන් පැමිණ අතර ඔහුට සිය මෝටර් රථය තුළම නින්ද ගොස් ඇත. ඒත් සමඟ ආපනශාලාවට පිවිසෙන මාර්ගය ද අවහිර වී තිබෙන අතර මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ රිය තුළ පරීක්ෂා කර ඇත. පොලිස් නිලධාරීන් රෙෂාඩ් බෲක්ස් මත්පැන් පානය කර සිටි බවත් ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවත් ඇට්ලන්ටා පොලිසිය සඳහන් කළේය.
මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සහ රෙෂාඩ් බෲක්ස් අතර ගැටුමක් ඇති වී තිබේ. රෙෂාඩ් බෲක්ස් පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ කලහකර ඇති අතර රෙෂාඩ් බෲක්ස් බිම වැටී සිටින අයුරු එක් විඩියෝ පටයක දැක්විණි. රෙෂාඩ් බෲක්ස් පොලිස් නිලධාරියකුගේ ‘ටෙයිසර්’ උපකරණය (ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන් සතු ආරක්ෂිත උපකරණයක්) පැහැරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදී දිව යන අයුරු තවත් විඩියෝ පටයක දැක්වේ.
රෙෂාඩ් බෲක්ස් රෝහල් ගත කළ බවත් පසුව මියගිය බවත් වාර්තා විය. එක් පොලිස් නිලධාරියකුට ද තුවාල සිදු වී ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා පිටව ගියේය. ජෝර්ජියා ප්‍රාන්තයේ ෆුල්ටන් ජනපදයේ දිස්ත්‍රික් නීතිපති කාර්යාලය මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ ඇට්ලැන්ටා නුවර ද විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ 2013 වසරේ පොලිසියට සම්බන්ධ වූ බව කියන ගැරට් රොල්ෆ් නමැති පොලිස් නිලධාරියා වන අතර අනෙක් පොලිස් නිලධාරියා ඩෙවින් බ්‍රෝන්සන් ය. ඔහු පොලිසියට සම්බන්ධ වී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ය.
ඒ.එෆ්.පී./බී.බී.සී./රොයිටර්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත් වාර්තාවේ සඳහන් වෙන ටේසර් ( taser ) අාත්මාරක්ෂක ඉලෙක්ට්‍රොනික් අවිය ගැන අපි ටිකක් බලමු. මෙය මූලිකවම පිස්තෝලයක ආකෘතියට සමාන, නමුත් බටයක් වැනි කොටස නොමැති, අවියේ කෙලවරට කියුබාකාර කාර්ට්‍රිජයක් සවිකළ අවියකි. මේ කාර්ට්‍රිජය ගලවා මාරුකළ හැකිඅතර එය තුළ නයිට්‍රජන් කැප්සියුලයක්, බිලී කොක්කක හැඩය ඇති ඉලෙක්ට්‍රොඩ දෙකක් සහ ඒවාට සම්බන්ධ කළ ඉතාම සිහින් සර්පිලාකාර විදුලි රැහැන් දෙකකුත් ඇත. අවියේ ප්‍රධාන කොටසේ කුඩා බැටරි 2ක්, කුඩා විද්‍යුත් පරිපථයක් සහ කැපෑසිටරයක් ඇත. මෙය ට්‍රිගර් කළවිට වෝල්ට් 50000 ක විභව අන්තරයක් ඉලෙක්ට්‍රොඩ දෙක අතර ඇතිවේ. නමුත් මෙහි විදුලි "ධාරාවක්" ගලා නොයයි. (0 ඇම්පියර්) අවියට කාට්‍රිජය සවිකොට එල්ලය බලා ට්‍රිගර් කළවිට නයිට්‍රජන් කැප්සියුලය පිපිරී ඒ පීඩනයට සිහින් රැහැන් සමගම කොකුවැනි ඉලෙක්ට්‍රොඩ දෙක වේගයෙන් ගොස් එල්ලයට වදී. මෙය අඩි 5 හෝ 6 ක දුරක ක්‍රියාත්මක වේ. ඉලෙක්ට්‍රෝඩ 2හි ඇති වෝල්ට් 50000ක විභව අන්තරය නිසා ඉලක්කය වූ පුද්ගලයාගේ මාධ්‍ය ස්නායු පද්ධතිය සහ පේශීන් තත්පර 15කට පමණ ව්‍යාකූල තත්වයකට පත්වේ. "විදුලි ධාරාවක් " ඇති නොකරන නිසා ජීවිත හානිය අවම මෙය අත්මාරක්ෂක අවියකි...
අපේ රටේ කවදාකවත්, මෙහෙම වගකිවයුතු නිලධාරියෙකු හෝ මොන පැත්තේ හෝ දේශපාලකයෙකු තම තනතුරින් ඉල්ලා අස්වී තිබේද?.. සමහර දේශපාලකයින් හා පක්ෂ ඇමරිකන් ගැත්තන්... සමහර දෙනා ඇමරිකන් විරෝධීන්.. මේ දෙකම අන්තවාදී ගණයට තමයි වැටෙන්නේ. වත්මන් ජනපතිතුමා කිසියම් ප්‍රගතියක් ලැබූ බවක් පේනවා. අඩුපාඩු ඇති.. ඒත්, මේ ටිකට පාතාල මර්දනයේ හොඳ ප්‍රගතියක් පේන්න තියෙනවා. මේ තත්ත්වය දිගටම තිබුණොත් හොඳයි. මෙහිදී පෙන්වා දෙන්නට සිතන්නේ මෙයයි. ජනපතිතුමා බොහෝ දේ ඇමරිකාවෙන් ඉගෙන ගන්න ඇති. එය අපේ රට දියුණු කිරීමට රුකුලක්... එතුමාගේ පුතා ඇමරිකාවේ. බැසිල් මහතාත් එහි සිටියා. ඒත් පුදුමය කියන්නේ සමහර දෙනා ඒවා නොසිතා ඇමරිකානු විරෝධීන් වෙන්නේ කොහොමද කියන එක. ආධාර ලැබෙනකොට ඕවා ඇමරිකාවේ. ඒ නිසා ඕවා අපට එපා කිව්වේ නැහැ. ඒ වෙලාවට නැට්ට හංගන් ඉන්නවා. ඇමරිකාවට බැන්නත් ගැතිකම් කළත් අපට කම් නැහැ. ඇයි අපේ මිනිසුන්ට හතුරාගේ හෝ හොඳ අගය කරන්න බැරි ..? ඇයි තම පක්ෂේ හෝ රටේ අය වැරැදි කළාම අස්වෙන්න බලපෑම් නොකරන්නේ...? බොහෝවිට රට නොවෙයි අවශ්‍ය. යූ.එන්.පී., ශ්‍රී ලංකා, පොහොට්ටු, රතු ලෝක බිහිකරගන්න කුළල් කා ගන්නවා. දේශපාලනයෙන් මිදුණු අයෙකුට මේ උමතු විකාරය හොඳින් පෙනේ..
එන්න.. අපි තව තවත් ඇමරිකාවේ ඩොලර් සාක්කුවට දමා ගනිමින් අනිකුත් රටවල මානව හිමිකම් ගැන කතා කරමු.
මේ පුවත් වාර්තාවේ සඳහන්වෙන ටේසර් (taser) අාත්මාරක්ෂක ඉලෙක්ට්‍රොනික් අවිය ගැන අපි ටිකක් බලමු. මෙය මූලිකවම පිස්තෝලයක ආකෘතියට සමාන, නමුත් බටයක් වැනි කොටස නොමැති, අවියේ කෙලවරට කියුබාකාර කාර්ට්‍රිජයක් සවිකළ අවියකි. මේ කාර්ට්‍රිජය ගලවා මාරුකළ හැකිඅතර එය තුළ නයිට්‍රජන් කැප්සුලයක්, බිලී කොක්කක හැඩය ඇති ඉලෙක්ට්‍රෝඩ දෙකක් සහ ඒවාට සම්බන්ධ කළ ඉතාම සිහින් සර්පිලාකාර විදුලි රැහැන් දෙකකුත් ඇත. අවියේ ප්‍රධාන කොටසේ කුඩා බැටරි 2ක්, කුඩා විද්‍යුත් පරිපථයක් සහ කැපෑසිටරයක් ඇත. මෙය ට්‍රිගර් කලවිට වෝල්ට් 50 000ක විභව අන්තරයක් ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඇතිවේ. නමුත් මෙහි විදුලි "ධාරාවක්" ගලා නොයයි. (0 ඇම්පියර්) අවියට කාට්‍රිජය සවිකොට එල්ලය බලා ට්‍රිගර් කළවිට නයිට්‍රජන් කැප්සූලය පිපිරී ඒ පීඩනයට සිහින් රැහැන් සමගම කොකු වැනි ඉලෙක්ට්‍රෝඩ දෙක වේගයෙන් ගොස් එල්ලයට වදී. මෙය අඩි 5 හෝ 6 ක දුරක ක්‍රියාත්මක වේ. ඉලෙක්ට්‍රෝඩ 2හි ඇති වෝල්ට් 50 000ක විභව අන්තරය නිසා ඉලක්කය වූ පුද්ගලයාගේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ පේශීන් තත්පර 15 කට පමණ ව්‍යාකූල තත්වයකට පත්වේ. "විදුලි ධාරාවක් " ඇති නොකරන නිසා ජීවිත හානිය අවම මෙය අත්මාරක්ෂක අවියකි.
ඒකට අපේ අය...