IMG-LOGO

අවුරුදු සීයය ඉක්මවූ ඉන්දීය ජාතිකයකු කොරෝනාවෙන් බේරෙයි

ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරු වූවන් දෛනිකව දහස් ගණනින් මියයන පසුබිමක අවුරුදු සියය ඉක්මවූවෙකු සුවය ලැබීමේ  පුවතක් ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වේ.

 

106 හැවිරිදි වියේ පසුවන මුක්තාර් අහ්මද්, ජීවත් වන්නේ කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ඉන්දියාවේ නවදිල්ලි නුවරය. ඔහු මීට මාසයකට පමණ පෙරාතුව කොරෝනා රෝගයට ගොදුරු වූ අතර සිය වයස්ගත තත්ත්වය හේතුවෙන් දැඩි අවධානමකට මුහුණ දී සිටියේය.

 

කෙසේ නමුත් දෛවයට අභියෝග කළ මුක්තාර්, කොරෝනා පරදා සුවය ලබා පසුගිය දා සිය නිවස වෙත යළිත් පැමිණියේය.මුක්තාර් පවසන්නේ මෙය තමන් මුහුණදුන් පළමු වසංගතය නොවන බවය.

 

1918 වසරේදී ස්පාඤ්ඤ උණ වසංගත තත්ත්වය ලොව පුරා පැතිර යද්දී තමන් සිව්වැනි වියේ පසුවූ බවත්, ඉන් බේරී තමන්ට ජීවත්වීමට  වාසනාව ලැබූ බවත් ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය .

 

125

ගාඩියන් ඇසුරෙනි



අදහස් (1)

අවුරුදු සීයය ඉක්මවූ ඉන්දීය ජාතිකයකු කොරෝනාවෙන් බේරෙයි

පූජා Sunday, 12 July 2020 09:07 AM

සමහර රටවල තරුණ ප්‍රජාවටත්, බේරෙන්නට බැරිවූ එකේ, මේ සීයා මේ මාරාන්තික කොරෝනාවෙන් දිවි බේරා ගැනීම, ඇත්තටම සතුටට කාරණාවකි. අද කාලයේ ජීවත්වන මිනිස්සුන්ගේ සංකීර්ණ වූ ජීවිත රටාව හා සංසන්දනය කරන විට පරණ ප්‍රජාවගේ ප්‍රතිශක්තීකරණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි මට සිතෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site