IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල් කාසිම් සිටි පළමු ආසාදිතයාගේ පුතාටත් කොරෝනා

හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන

පුත්තලම අල් කාසිම් සිටි කොරෝනා ආසාදිතයාගේ පුතා ද ආසාදිතයකු බවට තහවුරු විමත් සමග මොහු ඇසුරු කල පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් අද (15) ආරම්භ කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .

ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා සහභාගිවි පැමින නිවසේ නිරෝධායනයට යොමු කර සිටි 62 හැවිරිදි අදාල ආසාදිතයා පසුගිය දින වෛද්‍ය පරික්ෂණ වලින් සනාථ වි පසුගිය 7 දින අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට යොමු කර තිබුනී.

මොහු සමග මන්නාරම අවමංගලයකට සහභාගි වු 65 දෙදෙනෙකු සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මැදිහත් වි සිදුකල සෝදිසියකදි සෝයා ගෙන තිබු අතර ඉන් පසුව මොවුන් 9 දින රාත්‍රියේ මඩකලපුව පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබිණි.

මේ සමගම ආසාදිතයාගේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන 38 හැවිරිදි වැඩිමහල් පුතා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටියදි කොරෝනා ආසාධිතයකු ලෙසට වෛද්‍ය වාර්තා මගින් 14 රාත්‍රියේදී සනාථ වි තිබුනී.

මේ අනුව අදාල ආසාදිතයා ප්‍රථිකාර සදහා වැලිකන්ද රෝහල වෙත යොමු කර තිබේ .

මින් පසු 15 දින පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිළධාරින් හා බුද්ධි අංශ හා පොලිස් නිළධාරින් එක්ව මෙම 38 හැවිරිදි ආසාදිතයා ඇසුරු කල පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පවසයි.

(ඡායාරූපය - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූපය - එච්. චන්දන)

 



අදහස් (7)

අල් කාසිම් සිටි පළමු ආසාදිතයාගේ පුතාටත් කොරෝනා

Kanishka Wednesday, 15 April 2020 08:32 AM

අපේ රටේ හැම දෙනාම එකතුවෙලා මේ කරන සේවය කොහොම අගයන්නද. වෙන කිසිම රටක මේ විධියට ආසාධිත අය ඇසුරු කළ අය සොයා මෙහෙයුම් කරන්නෙත් නැහැ. ඒ අයව නිරෝධායනය කරන්නෙත් නැහැ. සෑම දෙනාටම තෙරුවන් සරණයි.

:       1       128

chandanaWednesday, 15 April 2020 11:00 AM

සිංගප්පුරුවේ කරනවා. අපේ අයත් අනුගමනය කරන්නේ සිංගප්පුරුවේ මුලින් පටන් ගත්ත ක්‍රමය. වෙනසකට තියෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන එහෙ නැහැ. ගෙවල් (මහල් නිවාසය) ඇතුලෙම නිරෝධායනය කරනවා. නීති කඩ කරලා එලියට බැස්සොත් දැඩි දඩුවම් ඒ ගොල්ලන්ට. එහෙ රෝගීන් තුන්දාහකට වැඩියි හැබැයි මරණ 10 යි.

:       19       2

මුණසිංහ Wednesday, 15 April 2020 08:40 AM

වරදවා වටහා ගන්න එපා. ඉස්ලාම් භක්තිකයන් මීට වඩා සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කළ යුතුයි.

:       1249       1323

Anton austriaWednesday, 15 April 2020 09:08 AM

බලන්න මුණසිංහ ඔබ වැරද්දක් කිවේ නෑ.... ඒත් ඔබට අන්ලයික් දාල වැරැද්දක් පෙන්වන්නටත් අකමැති ඉන්න මිනිසුන් මෙයාලා ඉතින් කොහොමද රටක් ගොඩගන්නේ? හැබැයි දාල තිබ්බ හැමෝම ආත්මාර්ථකාමී අය...

:       57       159

Amanda Wednesday, 15 April 2020 09:00 AM

මෙච්චර දවසක් යනකන් ඇයි මෙයාව check කරලා නැත්තේ?

:       0       8

anula Wednesday, 15 April 2020 10:04 AM

මම හිතන්නේ මෙයාල ඕනෑකමින්ම ලෙඩ පතුරනවා කියලා.... මොකද මෙයා උගත් පුද්ගලයෙක්.... විදුහල්පති කෙනෙක් එහෙවු එකේ මෙයාල කියනදේ පිළිගන්නේ නැත්නම් ගම වටේට හමුදා මුර දාල මෙරෙන්නම අරින්න ඕන....

:       80       241

Saman Thursday, 16 April 2020 03:27 AM

මෙතන ආගම පටලවගන්න එපා. දැන් බලන්න හලාවත හිටපු අපේ සිංහල එක්කෙනෙක් ගුණසිංහපුරට පැනලා එහෙ මිනිස්සු 200 ක් විතර එක්ක ආශ්‍රය කරලා. ඊට හපන් මැනින් මාකට් එකට ගිහිල්ලා පිට කොටුවට ගිහිල්ලා පොදු වැසිකිළි පාවිචි කරලා. කොටුවට ගියා කියන්නේ මුළු ලංකාවට ගියා වගේ තමා.

:       14       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site