(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය, රෝහල වෙත ප්‍රදානය කිරීම අද (08) සිදුකෙරිණි. එය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වර්ග අඩි 3300 ක බිම් ප්‍රමාණයක, කාමර 16 කින් යුතු මෙම හෙද නේවාසිකාගාරය තුළ හෙද නිලධාරින් 32 කට නේවාසික පහසුකම් සලසා ගත හැක. ගෘහ භාණ්ඩ ඇතුලු අනෙකුත් සියලු පහසුකම් වලින් ද මෙම හෙද නේවාසිකාගාරය සමන්විත වේ.
කෝවිඩ් 19 වසංගත පාලන කාර්ය සාධන බලකායේ රැස්වීමක දී අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එම බලකායේ සාමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මැදිහත්ව තිබේ.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරීමට පියවර ගෙන ඇත.
මෙම රෝහල් නේවාසිකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන මහතා ඇතුලු එම කණ්ඩායමේ පූර්ණ තාක්ෂණික දායකත්වය ද එහි ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) සමන් දේවප්‍රිය මහතා ඇතුලු වඩු කර්මාන්ත ශාලාවේ සේවක මහතුන්ගේ පූර්ණ දායකත්වය ද සපයා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නියෝගය පරිදි එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ සහ වින්ග් කමාන්ඩර් ක්‍රිෂාන්ත හේවාපතිරණ ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් සහ ගුවන් භටයන්ගේ ශ්‍රම දායකත්වය ද මෙම නේවාසිකාගාරය ඉදිකිරිම සදහා ලබාදෙන ලදි.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු LHP Eco පුද්ගලික සමාගම විසින් සිදු කරන ලදී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕක දේශපාලුවෝ ඕපන් කළේ? හදන්න සල්ලි දීපු අයට ඒක කරන්න තිබ්බනේ...
අම්මපා අපේ මේ අපවිත්‍ර නෝනටත් බරටම වියදම් වගේ.... හොද වෙලාවට උපතින්ම මහා පොහොසත් නෝනා කෙනෙක් හින්දාම හොදා... මෙච්චරත්ම තමන්ගේ පුද්ගලික වියදමින් මේවා හදලා අවලස්සන නමත් ලියපු බෝඩ් ලෑල්ලකුත් විවුර්ත කරන්න කොච්චර වියදම්ද මගේ අම්මෝ... තව තවත් මෙවන් බෝඩ් ලෑලීම විවුර්ත කරන්න ලැබේවා..!!!
විරුවෝ කැපවීම් කරලා පවිත‍්‍රා ඇවිල්ල ලකුණු දාගන්නවා. කෝ මේ අපේ හමුදාවේ ලොකු මහත්වරු? අනිල් ජාසිංහ මහත්තයා ඇතුළු කෝ මේ අපේ හෙද විරුවෝ? පවිත‍්‍රා ඇවිල්ල කිරි හැලියට ගොම බිදක් දාල. ගරු ජනපතිතුමනි...., මේ ඔබේ අවදානය පිණිසයි !!