
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ වසරේ මාර්තු මාසයේදී උද්ධමනය සියයට 5.4ක් ලෙස දැක්විණි. පසුගිය වසරේ පැවැති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පූර්ණ වශයෙන් ඊට හේතු වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්යමය වෙනස මගින් මතුපිට උද්ධමනය ගණනය කරයි.
මේ වසරේ අප්‍රේල් මාසයේ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය සියයට 13.2ක් විය. ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මේ වසරේ මාර්තු මාසයේදී සියයට 2.5ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී සියයට 2.1ක් දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මාර්තු මාසයේදී සියයට 4.7 ක් ලෙස පැවැති අතර අප්‍රේල් මාසයේදී එය සියයට 4.8ක් දක්වා ඉහළ ගියේය.
ආහාර කාණ්ඩයේ අයිතමවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම හේතුවෙන් අප්‍රේල් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.1ක් ලෙස වාර්තා විය.
අප්‍රේල් මාසයේදී පොල්, කුළුබඩු, පොල්තෙල් සහ කරවල මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. එම මිල ඉහළ යෑම්වලින් ඇති වූ බලපෑම රජයේ මැදිහත් වීම හේතුවෙන් සමනය විය. ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රජය මැදිහත් වී සහල්, පරිප්පු, ලොකු ලූණු සහ ටින්මාළු වැනි ආහාර අයිතමවල මිල අඩු කළේය.
උත්සව සමයේදී ඇති වන ඉල්ලුමත් සමඟ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී ඉහළ යන ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්, ‘කොවිඩ්-19’ වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට වසාදැමීම නිසා පසුගිය මාසයේදී නොවෙනස්ව පැවැතුණි.
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය මාර්තු මාසයේදී සියයට 2.9ක්ව පැවැතුණි. එය අප්‍රේල් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගියේය. කෙසේ නමුත් වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මාර්තු මාසයේදී සියයට 4.9ක් වූ අතඑ පසුගිය මාසයේදී සියයට 4.7ක් දක්වා පහළ ගියේය. එය මාස පහකදී දක්නට ලැබුණු අවම අගයයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් සදාකාලිකවම ඇඳිරි නීතිය දාලා තියමු. එතකොට අවුරුදු දෙකකින් උද්ධමනය සෘන අගයකට ගන්න පුළුවන් වේවි. ලෝක ඉතිහාසයේ මෙතෙක් කිසිවෙකු අත් නොවිඳි මේ වසංගතය නිසා ඇතිවන ආර්ථික බලපෑම කිසිම රටක් විග්රහ කරන්න යන්නේ නැහැ. ඒ මොකද එයින් වෙන පාඩු හෝ ලාභ කිසිවෙකුගේ පාලනයකින් තොරව, එනම් ඒ ඒ රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති මත නොව, හදිසියේ කඩා වැටුණු මේ වසංගතය හා ඒ සමග බැඳුනු ආර්ථික ප්‍රශ්න නිසා ඇති වූවක් නිසා. ඒ උණාට අපි වෙනස් ජාතියක්නේ !
මේක තේරෙන්නෑ.ජීවත් වෙන්න අමාරුයිද? ලේසිද?
මේ ආකාරයේ දිගටම රටේ උද්ධමනය අනවශ්‍ය ලෙස පහළ යෑම රටේ ආර්ථික තත්වයට හොඳ මදි...
බඩුගන්න කඩේ ගියාම එලොව පොල් පේන තරමට බඩු මිල ඉහළ ගිය බව දැක්කම පාලි, සංස්කෘත වචනත් සමහරුන්ගේ කටින් පිට වෙනවා. එතකොට තමා "උද්ධමනය" වැඩිවෙලා කියලා ආර්ථිකය ගැන දන්නා උදවිය කියන්නේ... ලොක්ඩවුන් එක නිසා බොහෝ දෙනෙක් කඩවලින් බඩු මිලදී නොගෙන ලොරි වලින් ගෙනැවිත් බෙදාදෙන වට්ටක්කා තම්බා කන හෙයින් බඩු මිලදී ගැනීමක් සිදු නොවේ. කඩවලින් අහස උසේ මිලට බඩු නොගන්නා විට මොන උද්ධමනයක්ද? උද්ධමනය පහළ යනකොට තමා ආචාර්ය බන්දුල වගේ ආර්ථික ලොක්කන් ප්‍රීති ප්රමෝදයට පත්වන්නේත්... එයාලා රට පාලනය කරන කොට පස් දෙනෙකුගේ පවුලකට මසකට රුපියල් 2500 කින් යැපෙන්න පුළුවන් වුණා නම්, උද්ධමනය පහළට වැටුණු නිසා, දැන් ඒ මුදලින් දහ දෙනෙකුගේ පවුලක් ජීවත්වන බව එතුමාගේ මුඛයෙන්ම අපට ළඟදීම දැනගන්න පුළුවන් වේවි!!! මහා ඡන්දෙත් ලඟයිනේ...