IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අ’පුරේ යාචකයෝ 81 නිරෝධායනයට

 

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අද (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ මහතා පැවසිය.

අනුරාධපුර පුජා නගරයේ සිංහ කුළුන ආසන්නයේ රැදි සිටි යාචකයකුට කොරෝනා වයිරසය වැළදිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,සෙෘඛ්‍ය අංශ,පොලිසිය,යුධ හමුදාව,නගර සභාව විසින් නගරයේ යාචකයන් සියළු දෙනා නිරෝධායනයට ලක්කිරිමට මෙසේ පියවර ගෙන තිබුණි.

මෙම යාචකයන් සියළු දෙනා රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරසන්ගස්වැව,කාටුපුලියන්කුලම පාසලේ රදවා දින 14 කාලයක් නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෙෘඛ්‍ය පරික්ෂක බණ්ඩාර මහතා සදහන් කළේය.

මෙම යාචකයන් දින 14 ක් නිරෝධායනය කිරිමෙන් පසුව ඔවුන් පිසිආර් පරික්ෂණයකටද ලක්කිරිමට නියමිතය.



අදහස් (5)

අ’පුරේ යාචකයෝ 81 නිරෝධායනයට

සෙනවි Sunday, 08 November 2020 12:15 PM

යාචකයෝ නම් කුසගින්නේ ඉන්න බවක් පේන්නේ නැහැ.

:       0       0

R m c රාජසිංහ Sunday, 08 November 2020 01:31 PM

ඒක ගොඩක් හොඳයි... හරිම භයානක තත්වයක් රටේ තියෙන්නේ... හැමෝම අවදානෙන්, පරිස්සමින් ඉන්න බුදුසරණයි මගේ රට...

:       0       0

Jaga Sunday, 08 November 2020 01:41 PM

මොන යාචකයෝද? හොඳ හයේ හතරෙ අයනේ...

:       0       0

නෙවිල් Monday, 09 November 2020 02:14 AM

ඇඟපත දිහා බැලුවා නම් පෙනෙන්නේ යාචකයින් නොවෙයි, හොඳට වැඩපළ කරන්න පුලුවන් අය වගේනේ...

:       0       0

අබිලින් Monday, 09 November 2020 02:21 AM

තම ශ්‍රමයෙන් රටට, ජාතියට සේවයක් කළහැකි මොවුන් කුමන හෝ ඵලදායි වැඩකට යෙදිය නොැකිද? අනුරාධපුරයට පැමිණෙන වන්දනාකරුවන්ට හිරිහැර වනසේ හැසිරෙන මොවුන් සමූහ ගොවිපලවල් ඇතිකර හෝ එළිමහන් සිරිකඳවුරු වල හෝ ඵලදායක සේවයක යෙදවීමට කටයුතු කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site