මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර සිටිති.
වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇත.
රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුහු පවසති.
පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයෙක් සඳහන් කළේය. රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා අවදානම් තත්වයක සිටින බවද ඔහු පැවසීය.
වෛද්‍යවරයකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ වයිරසය ආසාදනය වූයේ නම්, ඔවුන්ට නිරෝධායනයට යොමුවීමට සිදුවන බැවින්, රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල වන ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’අපේක්ෂා රෝහලට එන්න එපා’
ගොඩයා Friday, 20 March 2020 07:38 AM
අපේම අය කිසිම වගකීමක් නැතිව හැසිරිලා අද රටට වෙලා තියන තත්වය තෙරුම්ගන්න. වැදල කියන්නම් අනේ මේක නම් අකුරටම පිලිපදින්න පිලිකාවකින් පීඩා විදින ඔයාලගෙ ආදරනීය අය කියන්නෙ ප්‍රතිශක්තියෙන් පහලම අය කොච්චර සoවෙදී අවස්තාවක් උනත් දැනටමත් ජීවත් වෙන්න සටන්වදින එයාලගෙ වටිනා ජීවිත ගැන හිතල ඔයාල කවුරුවත් අපෙක්ශා රොහලට යන්න එපා
lanka Friday, 20 March 2020 08:35 AM
අනිවාර්ය තහනම් කලාපයක් කරන්න. එතකොට හරිනේ.
ධම්ම Friday, 20 March 2020 08:45 AM
සල්ලි හොයාගෙන බෝට්ටුවලින් රටින් පැන්න අය මේ බැගෑපත් ඉල්ලීම දුර්වලකමක් සේ නොසලකත්වා.