(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අද(01) දිනය තුළ මේ දක්වා, ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 25දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඊයේ(30) රාත්‍රිය වනවිට ආසාදිතයන් 665ක් බවට පත්ව තිබූ අතර, ඊයේ දිනය ඇතුළත තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 16කි.
මේ අතර, අද දහවල් 12.00 වන විට තවත් ආසාදිතයකු හඳුනාගැනිනි.
එතැන් සිට මේ දක්වා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 690 ක් වේ.
කෙසේවෙතත් සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයන් ගණන 162ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වාතාවරණයක් තියෙද්දී රට අරිනවලු.. අනේ මන්දා...
කොරෝනා ආසාදිතයකු අසලින් ගියත් බෝවන රෝගයක් නිසා අපරික්ෂාකාරී වීම රෝගය පැතිරීමට හේතුවයි.
රට මාස 1 1/2 වැඩි කාලයක් වහලා තිබුනා. දැන් ක්‍රම ක්‍රමයෙන් රට අරින්නේ නැතුව වෙන විකල්පයක් නැහැ. නමුත් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින්, කටයුතු කරන්න වෙනවා. පල්ලි මංගල්‍ය , වෙසක් උත්සව , මගුල් ගෙවල් , චන්ද රැස්වීම් , රෙස්ටුරන්ට් , වැනි දේවල් කරන්න වෙන්නේ නැහැ .
චන්ද රැස්වීම් නොතිබ්බට කමක් නෑ..චන්දේ කොහොමහරි ජුනි 20 තියෙන්න ඕනේ නේද??
අද?
මේ අවස්ථාවේ දුෂකයන් මත්ද්‍රව්‍ය ව්‍යපාරිකයන් වනය කපන්නන් එකතුකර බලය පිහිටුවිමේ කිසිම අවශ්‍යතාවක් නැහැ.
චන්දෙ යකාට ගියත් අපිට කමක් නැහැ. එහෙත් රට සාමාන්‍ය තත්වයට එන්නේ නැතිනම් ජන ජීවිත කඩා වැටෙනවා. එදිනෙදා හම්බකරලා ජීවත් වෙන රටක් ලංකාව. නැතිව ටික දෙනෙක් හැරුනම අනිත් අයට හොරා කාලා හරි හරියට හොයලා හරි ගොඩ ගහපු තැන්පත් ධනයක් නැහැ. තදබල නීති යටතේ ගොවි, කම්කරු, පුද්ගලික ව්‍යාපාර නැවත ක්‍රමයෙන් ආරම්භ කරන්න ඕනේ. කන්නවත් සොයා ගන්න බැරිව ගම්වල ලතවෙන මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවා. බොහෝ රජයේ සේවකයින්ට මේ වගේ කාලා ජයමගුල් උනාට පුද්ගලික අංශයේ සහ කුලී වැඩ වලින් දිවි ගෙවන්නන් විනාශ වෙනවා. ඔවුන් තමා රට පවත්වාගෙන ගියෙත්.