
(දිල්ෂානි චතුරිකා දාබරේ)
පාසැල්වල අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පැවසීය.
පාසල් සිසුන් අතර සිටින ආසාදිත සිසුන් හඳුනාගැනීම සඳහා මෙම පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, සෑම දිනකම පාසල් දෙකකින් හෝ තුනකින් සිසුන් 30දෙනෙකු පමණ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කරනු ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාසල් විවෘත කිරීම පිළිබඳව තීරණ ගන්නා බවද, පාසල් සිසුන් අතර කොරෝනා ව්‍යාප්තවීමේ මට්ටම සහ ස්වභාවය හඳුනාගැනීමටද හැකි බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
එහිදී මෙම පරීක්ෂණ කොරෝනා වයිරසය ඉලක්ක කරගෙන ම පමණක් නොව, සිසුන්ගේ මුළු ශරීරය ම පරීක්ෂාවට ලක්කරන බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශයේ එම තීරණය ක්‍රියාත්මක කරමින් අද දිනයේදී කොළඹ පාසල් තුනක සිසුන්ට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල් පෙරේරා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්. කොවිඩ් සඳහා විතරක් නොවෙයි - තෝරාගත් සිසුන් පූර්ණ පරීක්ෂණයකට ලක් කරන්න. වෙනත් අසනීපද හඳුනාගන්න.
දරුවන්ගේ භාරකරුවන්ගේ කැමැත්ත මත හෝ අධිකරණ නියෝගයක් නොමැතිව රුධිර සාම්පල ලබාගත හැකිද?