IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘ අතව්‍යශ සේවා සඳහා පමණක් නිවසින් බැහැර වෙනවානම් තත්ත්වය ඉක්මනින් පාලනය කළ හැකියි‘

(මුදිතා දයානන්ද )
ප්‍රංශය ඇතුලු ඇතැම් රටවල මෙන් වෛද්‍ය ප්‍රතිකාර හා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ජනතාව නිවසින් බැහැර වන පරිදි ආණ්ඩුව තත්ත්වය කළමණාකරණය කරන්නේ නම් සති හතරත් හයත් අතර කාලයකදි කොරෝනා තත්ත්වයෙන් සම්පුර්ණයෙන්ම රට මුදාගත හැකි බව ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා අද (15) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ලේ පිහිටි ජාතික ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදිය.
 
දක්ෂ වෛද්‍යවරුන්, දක්ෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් , දක්ෂ වසංගත රෝග විද්‍යාඥයින් සිටින රටක් ලෙසද, ඉතිහාසයේ ඇති වු බොහෝ ව්‍යවසන තත්ත්වයන් වළදී ඉතාමත් සාර්ථකව මුහුණ දී ඇති රටක් ලෙසද කොරෝනා වෛරසය පිටුදැකීමේ හැකියාවක් ලංකාව සතු බවද අබේසිංහ මහතා පැවසීය.
 
 
සුනාමිය ඇති වු අවස්ථාවේ එයට මුහුණ දුන් බොහෝ රටවල වසංගගත පැතිර ගියත් එකල ලංකාවේ කිසිදු වසංගත රෝගයක් පැතිර නොගිය බවද ඔහු පැවසීය. වසංගත රෝග විද්‍යා ආයතනයේ බෝවන රෝග පිළිබඳව උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පිහිටුවා ඇති අතර වසංගත තත්ත්වයකදී රජයට උපදෙස් දෙන්නේ එම කමිටුවෙන් බවද, අනෙක් අයගේ කාර්යය වන්නේ එම උපදෙස් අනුව ක්‍රියාත්මක වීම වන නමුත් මේ වනතෙක් එම ක්‍රියාමාර්ග අතපසුව ඇති බවද ඔහු පැවසීය.
 
ඒ අනුව සියලු භෞතික හා මානව සම්පත් නිසි පරිදි කළමණාකරනය කරන්නේ නම් , වසංගත රෝග විද්‍යා ආයතනය නිසි උපදෙස් ලබාදෙන්නේ නම් හා ආණ්ඩුව ගත යුතු තීන්දු තිරණ නිසි පරිදි නිසි වෙලාවට ගන්නේ නම් කොරෝනා පරාජය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවන බවද ඔහු පැවසීය.
 
 මෙරට වසංගත රෝග විද්‍යා ආතනය පිහිටුවා වසර 60ක් පමණ ගත වන අතර මේ කාලය තුළ මෙවැනි වසංගත රෝග කිසිවක් මෙරටට හානිකර ලෙස බල නොපෑ බවද ඔහු පැවසීය. 2002-2003 වසරවල හොංකොං ආශ්‍රිතව කොරෝනා වෛරස තත්ත්වයක් වන සාස් රෝගය පැතිර ගිය අතර 2012 සිට මැද පෙරදිග කලාපයේ මර්ස් නමැති කොරෝනා වෛරස තත්වය ඇතිවූ බවද ඒ කිසිවකින් ලංකාවට බලපෑමක් නොවු බවද අබේසිංහ මහතා පැවසීය.



අදහස් (0)

‘ අතව්‍යශ සේවා සඳහා පමණක් නිවසින් බැහැර වෙනවානම් තත්ත්වය ඉක්මනින් පාලනය කළ හැකියි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site