IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න තැපෑලෙන් තවත් යෝජනාවක්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සියලු සුපිරිවෙළඳසැල් සහ ආයතන වෙත ඉල්ලීමක් කරයි.
 
කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා පිහිටි තැපැල් ස්ථාන ඒකාබද්ධ කරමින්, තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
 
ඒ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින්, සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගිකයන්ට බාරදීම සඳහා වෙළඳ ආයතනවලට සිය සේවාව සමඟ එක්විය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ඒ සඳහා ළඟ ම පිහිටි තැපැල් කාර්යාලයට හෝ පහත සඳහන් දුරකතන අංක මගින් මූලස්ථාන මෙහෙයුම් ඒකකට ඒ බව දන්වන ලෙසද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
 
නිලන්ති - 0718098700
දිනූෂ - 0714431624
චන්න - 0718194214
අනිල් - 0718194224
උත්පල - 0718807921
අස්මින් - 0761002005 (දමිල භාෂාව)
 
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීමේ සේවාව  තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දු ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.



අදහස් (4)

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න තැපෑලෙන් තවත් යෝජනාවක්

Rasika Sunday, 05 April 2020 10:55 AM

ගැලපීමක් නැහැ වගේ... බෙහෙත් ටිකනම් අව්ලක් නැහැ වගේ....

:       0       2

jaya Sunday, 05 April 2020 11:32 AM

අති විශිෂ්ඨයි දිගටම වැඩිදියුණු කරන්න

:       0       4

Daminda Sunday, 05 April 2020 12:01 PM

බඩුගන්න සල්ලි අතේ තියෙන්න එපෑයෑ ATM එකට යන්න ක්‍රමයකුත් නැහැ සල්ලි ගන්න..

:       0       2

දසුන් Sunday, 05 April 2020 01:47 PM

අසීරු අවස්තාවේ සුපිරි වෙළදසැල් නිහඩව සිටීමෙන් ජනතාව අතර අප්‍රසාදයට පත්වීතිබේ. නැවතත් සිල්ලර කඩේ වෙළදමහතාගේ අගය වැටහීතිබේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site