නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (12) ප්‍රකාශ කළේය.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් මේ වනවිට සති 8කට ආසන්න කාලයක් මුළුල්ලේ ඉන්දියාව වසා දමා ඇත.
මේ හේතුවෙන් ලොව විශාලතම ආර්ථිකවලින් එකක් වන ඉන්දීය ආර්ථිකය අකර්මන්‍ය වී ඇත.
‘‘මේ ආර්ථික පැකේජය ඉන්දියාවේ ජනතාව වෙනුවෙන්. ඉන්දියාවේ ආර්ථිකය ගොඩනැගීමේ සටන වෙනුවෙන්. ගෘහ කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙනුවෙන් මෙම ආර්ථික පැකේජයෙන් සහන සැලසෙනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සහන පැකේජය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කි. ඉන්දියාව වසා දමා මේ වනවිට දින 50කට ආසන්න කාලයක් ගත වී ඇත.
ඉන්දියාවෙන් අද (12) පස්වරු වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 70,000 ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ ගණන 2,200 ඉක්මවා ගොස් ඇත.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මිසක්, දැකපු ගමන් මාව අන්ධබුත වෙලා ගිය අපට බිලියන් 270ක් දීල කියල....
අපිත් පුළුවන් විදියට දුන්න..., අපි එයාලා තරම් සල්ලි තියන රටක් නොවෙයි. අනික අපිට චන්දෙටත් මුදල් වෙන් කරන්න ඕනි...
මෙහෙ නම් එහෙම කරන්නේ නැහැ. මේ බර පටවන්නේ වැඩ කරන ජනතාවට. අපේ කොරෝනා ලේකම් පීබී දිහා බලන්න. එයා, වැටුපෙන් වැටුපට ජීවත් වෙන අසරණ රජයේ සේවකයන්ගේ මැයි මාසේ වැටුපත් මංකොල්ල කන්න බලන්නේ. බොහෝ දෙනෙක් අතට මුළු වැටුප ලැබෙන්නෙත් නැහැ. පඩි අරන් සති දෙක යනකොට සුළු සේවකයෝ ණය ඉල්ලන් එනවා. ඒ තරම් අමාරුවෙන් ජීවත් වෙන රජයේ සේවකයන්ගේ වැටුප බය කරලා ගන්න හදනවා. අපේ රටේ නම් ජනාධිපති නෙමෙයි තීරණ ගන්නේ. එයාගේ ලේකම් තමයි තීරණ ගන්නේ. පාලකයින් නොදන්නවා වගේ ඉන්නවා කොරෝනා ලේකම්ට රජයේ සේවකයින්ගේ වැටුප මංකොල්ල කන්න ඉඩ දීලා. මම ඒ ගැන මුලින් මුකුත්ම ලිව්වේ නැහැ. ඒ මොකද කිව්වා නම් මේ රජයේ සේවකයෝමනේ මේ ජනාධිපතිවරයාව බලයට ගෙනාවේ. දැන් කොහොමද ඉස්සෙල්ලම පහර දෙන්න යන්නේ...? රජයේ සේවකයාගේ බඩට. අනිත් එක එක මාසෙක වැටුපක් අරගෙන රටේ ආර්ථිකය කඩා වැටිච්ච එක හදන්න පුලුවන්ද? කිසිම සැලැස්මක් නැහැ.