(ඞී.කේ.රත්න සහ සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප‍්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (14) තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල සෞඛ්‍ය සේවා නිලධාරීහු කියති.
ඇය අගමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් කොස්තාපල්වරියක බවට හඳුනා ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරිය හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ සිය නිවසට පැමිණි විට ඉකුත් 12 වන දින පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කර තිබෙන අතර එම පී.සී.ආර්.වාර්තාව අනුව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබේ.
ඇයගේ විවාහ මංගල්‍ය උත්සවය යෙදී ඇති බැවින් ඊට අදාල වැඩ කටයුතු සඳහා ප්‍රදේශයේ ස්ථාන රැසකට මෙම පොලිස් නිලධාරිනිය සැරිසරා ඇති බවට කරුණු අනාවරණය වන බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
ආසාදිත පොලිස් නිලධාරිනියගේ පවුලේ සාමාජිකයන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
ආසාදිත පොලිස් කොස්තාපල්වරිය කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අගමැති ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරියකට කොරෝනා