IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලිබියාවේ හිටපු අගමැති කොරෝනා වයිරසයෙන් මියයයි

ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහමුද් ජිබ්‍රිල් මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වී ඇත.

2011 වසරේදී බලයෙන් පහකළ මුහම්මර් ගඩාෆිගේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස මොහු කටයුතු කළේය.

ඊයේ කයිරෝහිදී මියයන විට 68 වැනි වියේ පසුවූ ජිබ්‍රිල් මහතා සති දෙකක කාලයක් රෝහල් ගතවී සිටියේය.

කයිරෝ නුවර පිහිටි ගන්සෝරි විශේෂිත රෝහලට පසුගිය මාර්තු 21 වැනිදා ඔහු ඇතුළත් කර ඇත්තේ හෘදයාබාධයකින් පෙළීම හේතුවෙනි.

ඉන් දින 3 කට පසු ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

අන්තර්ජාතික පිළිගැනීම සහිත ලිබියානු ආණ්ඩුව මොහුගේ මරණයට පෙර කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් එක් මරණයක් සහ ආසාදිත රෝගීන් 18 දෙනෙකු පිළිබඳ තොරතුරු තහවුරු කර තිබේ.

ලිබියාව දශක හතරකට පසු 2012 වසරේදී එරට ප්‍රථම නිදහස් මැතිවරණය පවත්වන තෙක් ජබ්‍රිල් මහතා අන්තර්වාර රජයට ද නායකත්වය ලබාදුන්නේය.

අනතුරුව ඡන්දයට ඉදිරිපත් වූ ඔහුගේ පක්ෂය ඡන්දය ජයග්‍රහණය කළ ද පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අගමැති ධූරයට ස්වාධීන අපේක්ෂකයෙකු තෝරා ගැණින.

මුහම්මර් ගඩාෆිගේ ආණ්ඩුවේ අවසන් වසරවලදී ආර්ථික උපදේශකයෙකු ලෙසද ජබ්‍රිල් මහතා සේවය කර තිබේ.

-226-
(අල්ජසීරා ඇසුරෙනි)



අදහස් (0)

ලිබියාවේ හිටපු අගමැති කොරෝනා වයිරසයෙන් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site