( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට සහ නීතිපතිවරයාට නියෝග කළේය .
එසේම එම විරෝධතා වලට එරෙහි සීමිත විරෝධතා ද සතියක් ඇතුළතදී ගොනු කරන්නැයිද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කළේය.
මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.
එල්.ටී.බී.දෙහිදෙණිය , ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවිණි.
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , එහි ස්ථානාධිපති ,නීතිපති ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයෙකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
අප්‍රේල් 14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබීය.එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර තිබිණි.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.ඊට අමතරව එහිදී මාධ්‍යවේදියෙකු යොමු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයෙකුට අවසර ලබා දෙන්නේ නැත.එසේම එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කොට නැත.
තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත.ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත. එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්තගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිට ඇත.එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා "සේව් ද පර්ල් " නැමැති භාරයේ භාරකරු වේ.මෙම සංවිධානය මෙරට මුස්ලිම් ප්‍රජාව පිළිගත් බොහෝ දෙනෙකු මෙම භාරයේ සාමාජිකයන් වෙති.සේව ද පර්ල් භාරයෙන් ආධාර ලබන ළමුන් පිරිසකටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිරිහැර හා තර්ජන සිදු කර අඅති බවද දැනගන්නට තිබේ.
ඔහු නිතියට පටහැනි කිසිවක් කර නොමැත එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සද්භාවයෙන් තමන් දන්නා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත.ඔහු හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ නීතීඥවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි. එසේම ප්‍රකට සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකි.
එම අත් අඩංගුවට ගැනීම තුළින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.තවද රදවා සිටින නීතීඥවරයා හමුවීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයාට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.
එමෙන්ම අත්අඩංගුවේ පසුවන එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට වහාම ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ,ඔහුව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කර ඔහුට සුදුසු වන්දි මුදලක් ලබා දෙන්නැයි පෙත්සම්කාර නීතිඥවරිය සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ රජයේ නීතීඥ අවන්ති පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග
සේන Monday, 01 June 2020 12:28 PM
සහරාන් මළේ නැත්නම්, ලංකාවෙ නඩු කියලා පොරත් දිනනවා. අන්තිමට අර මැරුණු අයගේ පවුල්වලට සිද්ධ වෙනවා සහරාන්ගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් දඩ ගෙවන්න.