(මනෝප්‍රිය ගුණසේකර)
රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදු වූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පක රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඔ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී.
පළමු නඩුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිවද දෙවැනි නඩුව පාඨලී චම්පක රණවක මහතාට මෙන්ම එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පක රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිවද නීතීපතිවරයා විසින් ගොනු කරන ලදී.
2016 පෙබරවාරී මස 28 ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් ධාවනය කරමින් පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම යටතේ පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
දෙවැනි නඩුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව චෝදනා නඟා ඇති අතර චෝදනා 16 ක් යටතේ එම නඩුව පවරා ඇත.
2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සැදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
COMMENTS
නාටකය ආයෙම පටන් අරගෙන... කුසල් මෙන්ඩිස් හප්පලා පලාගිහින් බාරවුණා. පහුවෙනිදා නිදහස්. මේවගේ බාල වැඩ නිසා ඡන්දෙ තව අඩුවෙනවා.
රැල්ලට බය නම් වැල්ලට එන්නෑ කියපු පක්ෂෙ නේද? ඔන්න මං හිතන්නේ දැන් මුහුද හෝ හෝ ගෑම නවත්තලා රැල්ල ගහන්න වගේ යන්නේ. වාරකන් කාලේ හින්දා සැර වෙන්නත් පුළුවන්...
මේවගේ කඩිනමින් මහබැංකු හොරුන්ට දඬුවම් දෙනවා නම් හොඳයි නේද?
ක්‍රීඩකයෙක් බීමතින් වැරැදි පැත්තෙන් රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් කරද්දී, ඔහු නිදහස් වෙන්නේ පැය 12ක් ගතවීමටත් පෙර.. මිනීමැරුමක් සහ බීමතින් රිය පැදවීමක් නොවන සාමාන්‍ය අනතුරක් කළ පාඨලීට මහාධිකරණයේ නඩු. තාජුඩීන් ඝාතකයා අදත් නිදැල්ලේ ගැලවුම්කාරයා වීමට පෙරුම්පුරමින් සිටී.
උස්තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ... ලංකාවේ නීතියබව දැනගන්නේ... මගේ පුතා නිදියන්නේ...
ඔබතුමා විපක්ෂ දේශපාලකයෙක් නොවී, ආණ්ඩුවට හිතැති ක්‍රිකට් ක්‍රීඩකයෙක්, නීති සිසුවෙක් වුණා නම්...
ඔබ කරුණාත් සමග මොකක්ද කරන්න යන්නේ?
නඩුවෙන් ටිරාන් නිදහස් වේවි...
කරුණා අම්මාන්ට එහෙමයි... අනේ... !!! පාඨලීට නම් මෙන්න මෙහෙමයි එහෙනම්...
අහිංසක මිනිස්සුන්ව අබ්බගාතයින් බවට පත්කරලා තව ඇම්බැට්ටයොත් එක්ක ලොකු බොරුවකුත් ගොතාගෙන තමයි මෙයා මේ ජාතික ආණ්ඩුවකින් සැරසිලා දැන්මෙයාගේ බලය පෙන්වන්න ලෑස්තිවෙලා ඉන්නේ. ධනය රාජසන්තක වෙලා.... බලය නැතිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා...
නඩුවේ චෝදනා ඇතුලේ තීන්දුවත් ලියවිලා තියෙනවා. නීතිපති නඩුව දානවා වැරදිකරු කරලා. අධිකරණයට කරන්න දෙයක් ඇත්තේම නෑ වගේ...
පාරෙ මිනිහෙක් මරලා දවසින් ඇපගත්තා... අනේ මන්දා ලංකාවේ නීතිය..
මෙතුමා වගේ උගත් අය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යා යුතුයි. මෙතුමා වගේ අය රටකට සම්පතක්... දැන් ඉන්න බේබද්දොයි, පස්වැලි හොරුයි, කප්පන් කාරයෝයි, බුකී කාරයෝයි, කුඩු මුදලාලිලයි තමයි අපේ ඡන්ද දායකයෝ පාර්ලිමේන්තු යවන්නේ. අහෝ..!!! මේ රටට ගිය කලක්. අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරුවෙයිද මෙහෙම ගියොත්...
ටිරාන්ගෙන් ඇහුවොත් කියා දෙයි...
කවුරු ආණ්ඩු කළත්, ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නැතිව කැඩුවාම ඒක අමතක කරලා දාන්නත්, විරුද්ධ පක්ෂයේ කෙනෙක් නීතිය කැඩුවාම එයාට මරණ දඬුවමත් දිය යුතුයි.
අපට නම් මේ " කාගේවත් " හිඟන පක්ෂ ශත 5කට විශ්වාසයක් නම් කොහෙත්ම නැත.. නමුත් මොහු හතර පෝයට අට සැරයක් සිල් ගන්න කෙනෙක් බව තමා විසින්ම මනාලෙස ඔප්පු කර ඇති බව පැහැදිලිය. කෙනෙකුව අබ්බගාතයෙක් කිරීම මෙලොවදීම මෙම සිල් රකින්නාට තේරුම් ගැනීමට නොහැකිවීමම ඇති මොහු බොරුවට සිල් රැකීමක් කරන බවට...
අජිත් සහ රවීන්ද්‍ර යන අයගේ අදහස් පක්ෂග්‍රාහී බවයි මට නම් හැඟෙන්නේ... මේ අධිවේගී යතුරු පැදිය ලංකාවේ මහාමාර්ගවල ධාවනය කිරීමට ලංකාවේ නීතිය අනුව තහනම් බව ඔබලා දන්නවාද? ඔබලාගේ වාහනයක පිටුපසින් මොනයම් වාහනයක් හැප්පුණොත් ලෝකයම අනුගමනය කරන නීතිය ක්‍රියාත්මක කරනවද? හප්පපු කෙනාට අනුකම්පා කරලා ඔහු වෙනුවෙන් කටයුතු කරනවද?
වාහනය නොනවත්වාම ධාවනය කලා මෙන්ම වෙනත් පුද්ගලයකු වැරදිකරු ලෙස ඉදිරිපත් කිරීමත් ඉතාම බරපතළ වරදක් වේ... කරලා තිබුණු වංචා මගඩි සියල්ල බැලුවාම කිසිම සමාවක් දෙන්න වටින්නේ නැහැ.
ඔවුන් බලයේ ඉන්න කොට මොවුන්ට නඩු දැම්මා. මේ අය බලයේ ඉන්න කොට හිටපු අයට නඩු දානවා. අපිටත් මේ රඟපෑම් බලබලා ඉන්ඩනේ සිද්ද වෙන්නේ?
වටපිට අවධානය නොකර පිටුපස කණ්ණාඩියෙන් නොබලා පසුපසින් ධාවනය කරන එක ගැන නොසිතා එකවරම පාරමැද නතර කිරීම නීතිවිරෝධියි.