( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානයක සහ රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරු අද (13) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ.
නීතීඥ සුනිල් වටගල සහ නීතීඥ මංජුල බාලසූරිය යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න , සහ එහි සාමාජිකයන් දෙදෙනා , ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නම් කරනු ලැබ සිටිති.
COMMENTS
මොකෝ මේ අනුර ගොයියා බය වෙලා?
එහෙම කළොත් මේ කොමිසම පිහිටවපු කාරණාව ඉෂ්ඨ වෙන්නේ නෑනේ...
ජනපති කොමිෂමක් කියන්නේ අධිකරණයක් නොවේ. එම කොමිසම පත් කරන්නේ බලයේ සිටින ජනාධිපතිවරයෙකි. ඒ සඳහා ඔහු පත් කරන්නේ ඔහුට පක්ෂපාතී ඔහු දන්නා විශ්‍රාමලත් විනිසුරුවරුන්ය. එබැවින්, කොමිසම් පත්කොට විශාල වශයෙන් මහජන මුදල් නාස්තිකර කාලයද නාස්ති කරනවාට වඩා කිසියම් ප්‍රශ්නයක් රටේ ඇති අධිකරණ වෙත යොමු කිරීම ඉතාමත්ම නිවැරදි ක්‍රමය වේ. රටක පවතින ස්වාධීන අධිකරණයේ ආධිපත්‍යයට ඉහළින් යෑමට කිසිඳු කොමිසමකට හෝ නොහැකියි. එබැවින් යම් දෙයක් යුක්තිය පසිඳලීමට අවශ්‍ය නම්, ඒ සඳහා විශාල වියදම් දරා පත්කරන කොමිෂමට වඩා රටේ ගරු අධිකරණය ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය.
අද අප පසු කරමින් සිටිනුයේ ලංකා ඉතිහාසයේ එක පවුලක් විසින් නීතියේ ආධිපත්‍ය තම අතට ගෙන තමන්ට අවැසි ලෙස හසුරුවන අවිචාර සමයක්ය.
බළලා මල්ලෙන් එළියට පැන්නදෝ මන්දා... ඒ දවස්වල නම් කිව්වේ අපිට විරුද්ධව ඕනම පරීක්ෂණයක් කරන්න. අපි ලෑස්තියි ඕනම දේකට මූණ දෙන්න කියල තමයි කිව්වේ... ඕනම පරීක්ෂණයක් කියන එකට මේ පරීක්ෂණය අදාල නැහැ.. මගේ හිතේ..!