(මනෝප‍්‍රිය ගුණසේකර)
කොහුවල ප‍්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(17) මරණ දඬුවම නියම කළේය.
මත්ද්‍රව්‍ය නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොහුවල ප‍්‍රදේශයේ පදිංචි නලීන් ෂාරුක් කුලතුංග නමැත්තාටය.
මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම විත්තිකරු නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
2012 වසරේ කොහුවල ප‍්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 62.06 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව කෙහුවල ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු සන්තකයේ තිබී කොකේන් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම්
ratna P Thursday, 17 January 2019 10:32 AM
අර කිලෝ ග්‍රෑම් 250ක් 300ක් විතර ගේන හොරුන්ට මොනවගේ දඩුවමක් දෙයිද දන්නේ නෑ
ශාන් Friday, 18 January 2019 03:17 AM
මෛත්‍රී මහත්මයට එල්ලුම් ගහ නැවත ගේන්න මරණ දඬුවම් නියම වූ කවුරුත් නෑ කිව්ව නේද? පහුගිය ටිකේ කීපදෙනෙකුටම මරණ දණ්ඩනය නියම කලා, දැන් එල්ලුම් ගහ සම්මත කරගන්න පුලුවන් වෙයි,