( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලනික අරමුණකින් යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එරාජ් ද සිල්වා මහතා අද (8) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
එසේම ඔවුන් දෙදෙනාට එරෙහි එම අධි චෝදනා අල්ලස් පනතේ විධි විධාන වලට පටහැනි යැයිද නීතීඥ එරාජ් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එම නීතීඥවරයා මේ බව කියා සිටියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එම ප්‍රතිශෝධන පෙත්සම කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.
මෙම අධි චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බවත් , එලෙස නිසි අනුමැතියකින් තොරව නඩු පැවරීම නීතිවිරෝධී බැවින් එම නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් ලබා නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
සියලු කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 17 වැනි දිනට කල් තැබිණි.
‘ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 4 වැනිදා පටන් විභාග කිරීමට තීරණය කළාය.
පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ ඉරාජ් ද සිල්වා සහ නීතීඥ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය බොරු චෝදනා කරමින් කාලය කෑවා මිසක් රටට කල සේවයක් තියෙනවද?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... උදයංග නඩුවට මෙහෙම වන බව අපි දැනගෙන හිටියා.
ආ ඒකත් එහෙමද?
කොකාගේ වාරෙ.
නෑ මිතුරු කැලට යහමින් බෙදා දේ !! වෙනස මොකක්ද ??
නාවික හමුදාවේ ව්‍යාපාරය නිස්සංක සේනාධිපතිට හොරා කන්න හොඳයි! හිටපු නාවික හමුදාපතිවරුන් 3 දෙනෙක්ගේ නිර්දේශ මත "ලංකා රජයට ලැබෙන කොමිස් ප්‍රතිශතය 3 වරක් අඩුකළා"... ඉන්පසුව ඒ නාවික හමුදාපතිවරු 3 දෙනාම, නිස්සංක යටතේ අතිවිශාල වැටුප්වලට රැකියා කළා. ඇත්තටම "අති විශාල වැටුප ගෙව්වේ නිස්සංක නොවෙයි. ඒවා රජයට ලැබෙන්න තිබුණු මුදල්". කොහොම වුණත් නිස්සංක කලේ "හොර කමක්". පුලුවන් හැම එකාටම කප්පම් දීලා, මොකක් හරි හොරකමක් කරගන්නයි හැමදාම බැලුවේ. එහෙම නැතිව "තමන්ගේ මොලය, උත්සාහය, දක්ෂතාවය, කැපවීම නොවෙයි. සරලවම හොරකම" දැන් වැරැද්ද කරලා තියෙන්නේ ලංකා රජය. කොහොම වුණත් නන්දසේනගේ ජයග්‍රහණයට නිස්සංක රුපියල් බිලියන ගණනක් වියදම් කලේ, නිකම් නොවෙයි. ඒවට නන්දසේන නොවෙයි ගෙවන්නේ. ට්‍රිලියන ගණන් වලින් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ කොත්තමල්ලි ඇටෙන් පවා ගෙවනවා. ජයවේවා!