IMG-LOGO

ආගමන - විගමන නීති කැඩූ චීන්නු දෙදෙනාට අධි චෝදනා

(නිමන්ති රණසිංහ)
 
ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් ලංකාව තුළ රැදී සිට උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි කියන සිද්ධියකට අදාළ චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු යොදා ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ සුදර්ශන සිල්වා මහතා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (16) කරුණු ඉදිරිපත් කළේය.
 
මෙම සැකකරුවන් මෙරට රැඳී සිටිමින් බලපත‍්‍ර නොමැතිව මැණීක් ව්‍යාපාරයේ යෙදීම අධිචෝදනා ගොනු කිරීමට තරම් බරපතල වරදක් බැවින් එලෙස පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය අද (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයා එලෙස කරුණු ඉදිරිපත් කළේය. 
 
මෙම සිද්ධියට අදාළ සූ ඩියෑන් සන්ග් සහ වෙයි බින් ලියු නැමැති චීන ජාතිකයින් දෙදෙනා අද (16) ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අදහස් (0)

ආගමන - විගමන නීති කැඩූ චීන්නු දෙදෙනාට අධි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site