( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය ඇතුළු දෙදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 30, 000/- බැගින් වන්දි මුදල් ගෙවන්නැයි රජයට නියෝග කරන ලදී.
තවද පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන්නැයි අදාළ පෙත්සම් වල දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආරියරත්න ඇතුගල මහතාටද අධිකරණය නියෝගය කළේය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු යූ.එන්.එස්.පී. කුරුකුලසූරිය සහ ජේ.කේ.ඩබ්ලිව් .ජයසේකර යන මහත්වරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක විභාගය අවසන් කරමින් ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , එවකට එහි සභාපති ධූරයේ කටයුතු කළ ආචාර්ය ආරියරත්න ඇතුගල , එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , නීතිපති ඇතුළු 7 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර සිටින්නේ 2008 වසරේ නොවැම්බර් මස 4 වන දා විකාශය කෙරුණු "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන අතරමග හදිසියේ නතර කර දැමීමට එවකට රූපවාහිනි බලධාරීන් පියවර ගත් බවයි.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය රූපවාහිනී බලධාරීන් විසින් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් තීන්දු කළේ මෙම ක්‍රියාව තුළින් රූපවාහිනී බලධාරීන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.
ඒ අනුව පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ වන්දි මුදල් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශව වලට නියම කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
Sunil Milano Thursday, 18 February 2021 08:34 AM
මේ මහත්වරුන් තවමත් ජීවතුන් අතරද?