IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාතාල හිසරදය කවදා ඉවර වෙයි ද

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසල දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරුණේ මීට දින දෙක තුනකට ඉහතදීය. එසේ ඝාතනය කෙරුණේ කළු බෝලේ යන ආරූඪ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු බවත් වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාලයා බවත් පොලිසිය කියයි.

ගිනි අවි ආඥා පනතට අනුව අනවසර ගිනි අවි ළඟ තබා ගැනීම ඇප නොලැබෙන වරදකි. එමෙන්ම ගිනි අවි යනු නගරයේ වෙළෙඳසලකින් මිල දී ගත හැකි සුලබ වෙළෙඳ භාණ්ඩයක් ද නොවේ. එහෙත් ගිනි අවි සෑම තැනකමය. ඒවායින් පාතාලයෝ ඉවක් බවක් නැතිව මිනී මරති. මිය යන්නේත් පාතාලයන්ම යැයි කියමින් හිත් හදා ගන්නෝ ද සිටිති. ඔවුන් කියන්නේ “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යනුවෙනි. එහෙත් ලෙයට ලෙය ඉල්ලන, මරණයට මරණය ඉල්ලන පාතාලයට මෙසේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම සමාජයේ සන්සුන් පැවැත්මට මාරාන්තිකය.

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෝ හතරදෙනෙක් මිය ගියහ. එසේ මියගිය අය අතර මාළු මිලදී ගැනීමට පැමිණි සාමාන්‍ය පුද්ගලයකු ද වූ බව පොලිසිය කියයි. මෙයට පෙර අවස්ථාවක දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉලක්ක කරමින් පිළියන්දල දී පාතාලයන් කළ වෙඩි තැබීමෙන් පියාගේ වෙළෙඳසලට පැමිණ සිටි කුඩා දරුවෙක් මිය ගියේය. පාතාලයන්ගෙන් සමාජයට එල්ල වී ඇති මාරාන්තික තර්ජනය එපරිදිය.

රටක බුද්ධි අංශයක් හොඳින් ක්‍රියාත්මක වන්නේ නම් නාඳුනන සන්නද්ධ කල්ලිවලට ක්‍රියාත්මක වීමට අවකාශයක් නැත. අප රටේ නොහඳුනන හා හඳුනන සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලූ විට බුද්ධි අංශයක් තිබේ දැයි සැක සිතෙන තරම්ය. යම් අපරාධයක් මනුෂ්‍ය ඝාතනයක් වූ විට පොලිසිය පවසන්නේ සන්නද්ධ කල්ලි දෙකක් අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය, මනුෂ්‍ය ඝාතනය සිදු වී ඇති බවය. එසේ නැතහොත් කොන්ත්‍රාත්තුවකට එය සිදු වී ඇති බවය.

සැබැවින්ම එසේ කීමට පොලිසියක් අවශ්‍ය වන්නේ නැත. පොලිසියක් අවශ්‍ය වන්නේ අපරාධ වැළැක්වීමටය. සක්‍රීය බුද්ධි අංශයක් ක්‍රියාත්මක වන්නේ නම් අපරාධකරුවන් කවුරුන් ද යන්න කල් ඇතිව හඳුනාගත හැකිය. ඔවුනොවුන් අතර සිදුවන ගැටුම් හඳුනාගත හැකිය. එසේ හඳුනාගෙන ක්‍රියාත්මක වීමෙන් අපරාධ අවම කරගත හැකිය. පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට පොලිසියක් අවශ්‍ය වන්නේ නැත.

පාතාලය යනු මිනීමරන ස්ථානයක්ම නොවේ. පාතාලයේ දී අනෙකාගෙන් එම පළාතේ බලය ලබාගැනීමට මිනීමරති. පලිගැනීමට මිනී මරති. කොන්ත්‍රාත්තුවලට මිනීමරති. කුමන අරමුණකින් ඝාතන කළ ද එමඟින් මැවෙන්නේ චිකාගෝවකි. පළාතක බලය අල්ලා ගැනීමට අවශ්‍ය වන්නේ එම පළාතේ වෙළෙඳසල්වලින්, ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ගැනීමටය. එසේ කප්පම් නොදුන්නොත් පාතාලයන්ගේ ප්‍රහාරයට ලක්වීම ද අනිවාර්යය වේ. ඉකුත් සමයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ තත්ත්වය එයට නිදසුනකි.

යම් ප්‍රදේශයක බලය අල්ලා ගැනීමෙන් පසුව එම පළාතේ ඉඩම්වල අයිතිය ද පාතාලයාගේ අතටම යයි. එම ඉඩම් විකිණිය යුත්තේ පාතාලය කියන ගණන් හිලව්වලටය. රජයේ ඉඩම් වේ නම් ඒවාට හොර ඔප්පු හදා හෝ විකිණීම පාතාලයන්ට අමාරු කාර්යයක් නොවේ. පාතාලයන් බලයට මේ තරම්ම කෑදර එහෙයිනි. ඉවක් බවක් නැතිව මිනීමරන්නේ එහෙයිනි.

පාතාලයන් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමත් ගණිකා ව්‍යාපාරයත් සමාන්තරව ගමන් කරයි. ඒවා පාලනය වන්නේ ද පාතාලයන්ට අවශ්‍ය පරිදිය. තමන්ට ඇවැසි පිරිස් බලයක් ඔවුන් ගොඩනඟා ගන්නේ ඒ ආකාරයෙනි. එබඳු පිරිස් බලයක් ඔවුන් සතු හෙයින් ඔවුන්ගේ සහාය ලබාගැනීමට දේශපාලනඥයෝ කටයුතු කරති. ඡන්ද ව්‍යාපාරය ද ඡන්ද මැෂිම ද ඔවුහු අතට ගනිති. ඉකුත් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී කොළඹදී සිදු වූ වෙඩි තැබීම්වලින් ඒ බව මනාව ඔප්පු විය. දේශපාලනඥයාට පාතාලයන්ගේ සහයෝගය ලැබෙන විට ඔවුන්ට අවශ්‍ය රැකවරණය දේශපාලනඥයාගෙන් ලැබේ. පාතාලයන් ඉදිරිපිට පොලිසිය අක්‍රීයවන්නේ ඒ අනුවය. ඒ සියලු සාධක සම්පත් බවට පත් කර ගනිමින් පාතාලයෝ මිනී මරති. සමාජය බියෙන් ඇලළී යයි. අනුඅංකයක් නැති මූනිස්සම් ඉදිරිපිට දණින් වැටී අභයදානය ඉල්ලා සිටීමට ජනතාවට සිදු වේ. ජනතාව ඒ සැහැසි ග්‍රහණයට ලක් කරන්නෝ කවරහු ද? එයට ලැබෙන පිළිතුර තුළ ප්‍රශ්නයට විසඳුම් නිර්මාණය කරගත හැකිය.



අදහස් (6)

පාතාල හිසරදය කවදා ඉවර වෙයි ද

yaha Thursday, 03 January 2019 12:46 PM

පාතාලය කව්ද කියන්න පොලිසිය හොඳට දන්නවා .. ලංකාවේ පොලිසිය අපරාධකාරයින්ව හොඳට අඳුනනවා.. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ට එය නැති කර දැමීමට අවංක වුවමනාවක් නැතිකමයි. හේතුව එමගින් ඔවුන්ගේ පවුල් යැපෙන හෙයිනි. පොලිසියේ අය යහමින් ජීවත් වෙන්නේ ඔවුන්ගේ මුදල් වලිනි. ඇත්ත වශයෙන්ම පොලිසිය කරන්නේ පොළව නුහුලන අපරාධයකි. මේ රට හදන්න පොලිස් කොස්තාපල් වරුන්ට පුළුවන්... ඒ මොකටවත් නැමෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය ඉටුකිරීමයි. නමුත් ජාතියේ අවාසනාවට එහෙම වෙන්නේ නැත.

:       0       437

yaha Thursday, 03 January 2019 01:26 PM

ඇත්තට ඉඩක් ඇත්තේ නැහැ...

:       0       53

sunil gikiyange Thursday, 03 January 2019 07:33 PM

පාතාලය මහා ව්‍යසනයක් රටට නමුත් මේවට දේශපාලකයෝ සම්බන්ධ නිසා කාටවත් මේක ඉවර කරන්න අවශ්‍ය නැහැ.

:       52       309

ravi Friday, 04 January 2019 12:55 PM

දැක්ක දුටු තැන... ඇටකටු කුඩු වෙන්න ගහලා... වුවමනාවක් වුනොත් වෙඩිත් තියලා... එම ව්‍යාපාර සිද්ද වෙන ස්ථාන ගිනිබත් කරලා... දැම්මා නම් මෙව්වා ඉබේටම නතරවෙයි.

:       0       114

Lal Saturday, 05 January 2019 02:19 AM

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුකරන හැම අවස්ථාවේම පාතාලය වඩාත් බලවත්ව ක්‍රියාත්මක වුණා. පොලිසියේ සමහර නිලධාරින්ගෙනුත් උදව් ලැබෙනවා පාතාලයට. පාතාලය මර්ධනය කිරීමේ වගකීම එස්.ටී.එෆ් එකට සම්පූර්ණයෙන්ම බාරදිය යුතුයි. හැබැයි වත්මන් දේශපාලකයන් එස්.ටී.එෆ්. එකට මෙහි වගකීම බාරදෙනවට අකුල් හෙලනු ඇත.

:       603       646

kumarasinghe Sunday, 06 January 2019 01:51 PM

පාතාලය දේශපාලනයෙන් වියුක්ත වූ දවසට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31252 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13430 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 85 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site