මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීම පක්ෂවල වගකීමක් මේ වසර ආරම්භයේදීම ප්‍රකාශ වූයේ, මෙය මැතිවරණ වසරක් වශයෙනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මගින් ද ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපතිවරණය පිළිබඳව කිසියම් මතභේදාත්මක තත්වයක් මතු වූ විට ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ද ඡන්දය පැවැත්වෙන බව තහවුරු කෙරිණි. 19 March 2024
ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය. 18 March 2024
බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවට සවන්දෙමු බිත්තර මිල පිළිබඳ ගැටලු මීට දෙවසරකට පෙර දක්නට ලැබිණ. රටේ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට කුකුළු ගොවිපොළ ව්‍යාපාරයටද කනකොකා හැඬීම නිසා බිත්තර නිෂ්පාදකයෝද අමාරුවේ වැටුණාහ. කුකුළු මස් කිලෝවක මිලද සමග බිත්තර මිලද ශීඝ්‍රයෙන් ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විය. ඒ කාලයේ තිබූ ගැටලු හේතුවෙන් බිත්තරයක මිල ද දරාගත නොහැකි මට්ටමට ළඟාවිය. ඒ ගැන කොතෙකුත් කතා බහ කෙරුණත් විසඳුමක් නොලැබිණි. 18 March 2024
හැන්ද අතේ තියාගෙන ඉඩම් බෙදාගත් නිලධාරීහු සාමාන්‍යයෙන් රජයේ දේපල පමණක් නොව භාණ්ඩාගාරයේ මුදල් පවා තම තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන්ට එරෙහිවය. ඇතැම් විට එවැනි චෝදනා රජයේ නිලධාරීන්ට ද එල්ල වෙන අවස්ථා තිබේ. ගලා යන ජලයෙන් දිය දෝතක් ගත්තට වරදක් නැතැයි සිතන නිලධාරීහු එවැනි දූෂිත, වංචනික ක්‍රියාවලට සම්බන්ධ වෙති. හතර වටෙන්ම තමන්ගේ හැන්දෙන් තමන්ගේම පිඟානට ඇති තරම් බෙදා ගන්නා සිදුවීම් දකින විට ඒ ගැන ඔවුන්ට ද සිතක් පහළවීම ගැන එක අතකින් පුදුමයට පත්විය යුතු නැත. 16 March 2024
කුමන්ත්‍රණ කතාවට එකතුවක් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය. එම කෘතිය ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාගේ ප්රත්යක්ෂ අත්දැකීමකි. 15 March 2024
රිය අනතුරු නීති දැඩි කරනු විනා ලිහිල් කිරීම කාලෝචිතද? අනුරාධපුර රඹෑව නගරයේදීත් හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්තේදීත් එකම දිනයක සිදුවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පස් දෙනකු මියගිය පුවතක් පසුගියදා මාධ්‍යවල සිරස්තල මවා තිබිණි. අනුරාධපුරයේ දී රිය අනතුර සිදුකර තිදෙනකු මරාගෙන පැනගිය කැබ්රථයේ සිටි සැකකාර රියැදුරු ඇතුළු තිදෙනාම වයස අවුරුදු 20ට අඩු හිරිමල් වියේ සිටි තරුණ ගැටවුන් පිරිසක්වීම මේ අනතුරේ ඉතා අඳුරු රේඛාවක් සටහන් කර තිබේ. 15 March 2024
නාඳුනන තුවක්කුකාරයන්ගේ වසංගතය මැඬලිය නොහැකිද? වෙඩි හඬින් ගිගුම් දෙන දකුණේ එකම මළ ගමකි. මළ දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ විළාපයෙන් දකුණ සැළුම් වෙවුළුම්කමින් තිබේ. කඳුළ වපුරා මරණය අස්වද්දන ශාපලත් ඉරණමෙන් දකුණ මුදාගැනීමේ මෙහෙයුම එයට අවශ්‍ය බරින් හා වේගයෙන් පෙරට ගත යුතුව තිබේ. 14 March 2024
එළවළුත් රටින් ගෙන්වන අපේ රටට මක්වෙලාද? අප රට යනු අරුම පුදුම සිදුවීම්වලින් පිරුණු රටකි. ඒ බව පසක් කරන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා උපුටා දක්වමින් වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මේ වසරේ මුල් මාසයේ දී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහබැංකු වාර්තා අනුව පෙනී යන බවය. 13 March 2024
දේශපාලන ඥාති සංග්‍රහ නැවැත්වීම සතුටට කරුණක් රජයේ ආයතනවල අධ්යක්ෂ මණ්ඩවලට පත්කිරීම් කිරීමේදී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමේදී විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මේ ප්‍රවෘත්තිය හෙළි කරන අපගේ සහෝදර ඉරිදා ලංකාදීප පුවත්පත සඳහන් කර තිබිණි. 12 March 2024
රට හදන්න නව මගකට නව ප්‍රෙව්ශයක් මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදු වී තිබේ. වාද බේදවලින් හා ගැටුම්වලින් බහුල සමාජය එකමුතු කිරීම, මෙහිදී ඉතාම වැදගත් අවශ්‍යතාවකි. පසුගිය කාලය තුළ හටගත් සිද්ධි මෙකී කාර්යය කොපමණ දුෂ්කර ද යන්න දක්වයි. 11 March 2024
සුපිරි ධනවතුන්ට බදු දැලෙන් රිංගන්න දෙනු එපා ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාව පිළිබඳ ඉදිරියේ දී වඩා සමීප ලෙස අවධානය යොමු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ඒ සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය වෙත අතිරේක නිලධාරීන් සහ තාක්ෂණික පහසුකම් පවා ලබා දී තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්ය. 11 March 2024
ශ්‍රී ලංකන් ණය කන්දරාවට වගකිවයුත්තන්ට දඬුවම් නැද්ද? මෙරට ආර්ථිකයට විශාල පීඩනයක් ගෙන දෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ට ගෙවිය යුතු අතිවිශාල ණය කන්දරාවෙන් අමෙරිකානු ඩොලර් කෝටි 51ක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එම අතිවිශාල මුදල රුපියල්වලින් කෝටි 15,500කටත් අධික මුදලක් බවද සඳහන්ය. ශ්‍රී ලංකන් ප්රතිව්යුහකරණයෙන් ලැබෙන මුදලින් එම මුදල අයකර ගන්නා බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. 09 March 2024
මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක් මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව පාලනය වන්නේ නව පනතින් වන අතර එම පනත මගින් මහ බැංකුවේ අයිතිය රාජ්‍යයෙන් ඉවත් කර තිබෙන ගානට වැඩ කෙරෙමින් පවතින බවද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේ පඩි වැඩිවීම සිදුවන්නේ එවැනි තත්වයකය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ ගැනය. 08 March 2024
ජාත්‍යන්තර කාන්තා දිනය නමට විතරක් සීමා නොවේවා! ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ලොව සෞන්දර්යයේ සංකේතය වන කාන්තාවෝ එයට හිමි නිසි පිළිගැනුම අහිමිව කටුක දුක් වළඳමින් ජීවන සටනේ නිරතව සිටිති. එකී රළ ගසන සකල අගති කුදලා දමන ජීවිතයට හිමි නිසි ගරුත්වය හා පිළිගැනුම ඉල්ලා ලොව පුරා වෙසෙන සියලු කාන්තාවන් සමග අත්වැල් බැඳ ගනිමින් අප රටේ කාන්තාවෝ ද අද දිනයේ වඩාත් උද් යෝගයෙන් පරිශ්‍රමයෙන් හා සටන්කාමීත්වයෙන් පණ පෙවී ජාත්‍යන්තර කාන්තා දිනය සමරති. 08 March 2024
ආහාර මිල පාලනයට ක්‍රමවේදයක් නැද්ද? සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති. එමෙන්ම ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවකි. ආහාර අහේනියක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු වන්නේ එහෙයිනි. එමෙන්ම ආහාර සුරක්ෂිතභාවය ආහාරයෙහි ඉහළ පෝෂණ තත්වය සහිත ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේද එහෙයිනි. අප කන හැටි ළිපා දනී යැයි කියන සැහැසි ඉරණමට යටත්ව සිටින ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බව ඒකාන්ත සත්‍යයකි. 07 March 2024
දේශපාලකයන් නොදන්නා ගමේ විදුලි කප්පාදුව විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව විදුලි විසන්ධි කළ සිද්ධි විශාල වශයෙන් පසුගිය කාලය තුළදී අසන්නට ලැබිණි. එහෙත් අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවෙස්වලින් ඇසෙන විදුලිය විසන්ධි කිරීමේ කතාව සියලු දෙනාගේ හදවත් කම්පාවට පත්කර තිබේ. ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව වල් අලින්ගේ ප්‍රහාර මැද ඉතා දුක්ඛිත ලෙස ජීවත්වෙන මේ ගම්මානවල වැසියන් මුහුණ දී සිටින ගැටලුව කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු. 06 March 2024
ප්‍රමුඛත්වය දිය යුත්තේ පාසල් ගේට්ටු හදන්නද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් පාසල්වල දැවැන්ත පිවිසුම් දොරටු හැදීමට වඩා ජනතාවට වැදගත් කටයුතුවලට එම මුදල් යොදවන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට පසුගියදා උපදෙස් දුන්නේය. 05 March 2024
මැජික් බෑ සැලැස්මක් අවශ්‍යයි ජනතාවට පැටවුණු බදු බර, ජනතාවට සහන නැතිද, ජනපතිවරණය, එජාපයේ අනාගතය යනා දී කරුණු පිළිබඳ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු. 04 March 2024
රිය අනතුරු වැළැක්වීමට මාර්ග නීතියේ වෙනසක් ඕනෑ දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යට එක කෙළවරක සිදු වූ දරුණු බස් රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව පසුගියදා ලංකාදීප පුවතකින් අනාවරණය විය. එම අනතුරට හේතු වී තිබුණේ, ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 සහ 155 දරන පෞද්ගලික බස් රථ දෙකක් අතර තරගයකට සිදුව තිබූ රිය ධාවනය බවත්, දිගටම රණ්ඩු වෙමින් පැමිණි එම බස් රථ දෙක එකිනෙකට ඉස්සර කිරීමට උත්සාහ දැරීමේදී ඒ දෙකට මැදි වූ ත්‍රිරෝද රථයක රියැදුරු ඒ තුළම මිය ගොස් සිටි බවත් සඳහන්ව තිබිණි. 04 March 2024
කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද? රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙන් නගා සිටුවීමට ද නොහැකිය. එය ක්රමික ගමනකි. එම ගමනේදී ඉදිරියේදී ඇතිවිය හැකි බාධා, අභියෝග සම්බන්ධ අවධානයෙන් ද සිටිය යුතුය. 02 March 2024
එදා - මෙදා තීන්දුවල ඇදකුද 2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත් බංකොලොත්ව තිබෙන අවස්ථාවක තම තමන්ගේ පෞද්ගලික වැටුප් ඉතිහාසයේ අන්කිසිදු අවස්ථාවක නැති ආකාරයෙන් වැඩිකර ගැනීම අප කෙසේ තේරුම්ගත යුතු ද? 01 March 2024
බොටුව මිරිකීම නතර කර ජනතාවට සහනයක් දෙන්න යුද සමයේ දී ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යනුවෙන් විශේෂයෙන් නාමකරණය කරන ලද ප්‍රදේශ තිබිණි. එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්රස්තවාදීන් විසින්ය. ත්රස්තවාදීන්ට අවශ්‍ය ලෙස එම ප්‍රදේශ පාලනය කරනු ලැබූ අතර සාමාන්‍ය ජනයාට සිදු වූයේ ත්රස්තවාදීන්ගේ ගිනි අවි ඉදිරිපිට අසරණව අඩදැණිව කල්ගත කිරීමටය. 01 March 2024
සමාජය බියගන්වන කුරිරු අපරාධකරුවන් දඬුකඳේ ගහමු මේ වසරේ අද (29) ගෙවී ගියේ දෙවැනි මාසයයි. දින වශයෙන් ගණන් තැබුවොත් 60කි. මේ දින 60ට රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 14ක් වන අතර තවත් හය දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිති. මෙසේ 14 දෙනෙකු මරාගෙන තවත් 06 දෙනකු රෝහල්ගත කිරීමට වෙඩි ප්‍රහාර 20ක් යොදාගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග පසුගියදා හෙළි කළේය. 29 February 2024
සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්රභූවරු ‘සම්මාන මේනියාව’ අප රටේ බොහෝ දෙනකුට වැළඳෙන රෝගයකි. එය බොහෝ දේශපාලනඥයන්ට වැළඳෙන ‘රථගාය’ බඳු ය. ධනය ලැබූ පසු බොහෝ දෙනෙක් බලය පසුපස හඹායති. ඒ ගමනට සම්මාන ලබා තිබීම පහසුවකැයි ඔවුහු සිතති. සම්මාන දොළ සංසිඳුවන ජාවාරම්කාරයන් ද සංවිධාන ද බිහිවන්නේ ඒ අනුව ය. කිසිම ලෙසකින් ප්‍රහසනයකින්, නාඩගමකින් වෙනස් නොවන මෙම ක්‍රියාදාමය නොනැවතී සිදුවන්නේ සම්මාන දෙනවුන්ගේ මෙන්ම ගත්තවුන්ගේ ‘‘ලජ්ජා නහර’’ කැපී ඇති හෙයින් බවට සැක කළ හැකි ය. 28 February 2024
මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර තිබිණි. සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිරිසක් මල්වතු මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මහ නාහිමියන් එම ප්‍රකාශය කළ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 27 February 2024
ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි? ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුඳා හමුවෙන් මෙසේ එළිදක්වමු. 26 February 2024
හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද? අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්රමෝදයට පත් විය හැකි පුවතක් අසන්නට ලැබෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දෙස බලන්නාක් මෙනි. නිරතුරුව අසන්නට දකින්නට ලැබෙන්නේ සිත දොම්නසින් පුරවන අපගේ ජීවිතවල හෙට දවස සම්බන්ධයෙන් භීතිය උපදවන සුළු පුවත්ය. එබඳු පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවීම කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි. 26 February 2024
බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම ආයතනවල සේවකයන් වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන විට එය සිදුවෙයි. එහෙත් කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් හඳුන්වා නුදුන්නත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන කර්මාන්තයක් වශයෙන් බේකරි කර්මාන්තය හඳුන්වා දිය හැකි ය. පාන් ගෙඩියක බනිස් ගෙඩියක අගය නොදන්නා නිවෙසක් සොයාගත නොහැකි වන්නේ ඒ හේතුවෙනි. 24 February 2024
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක් මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී තිබේ. එහෙත් ඉන්දීය හා ශ්‍රී ලාංකීය සම්බන්ධතාව පිළිබඳව මෙවර මතුවී ඇත්තේ මෙතෙක් තිබූ සාකච්ඡාවලට වඩා වෙනස් කථාවක්ය. පසුගිය සතියේ සිට මේ අලුත් කථා බහ ඇති වෙන්නට හේතු වූයේ රජයේ එක් ඇමතිවරයකු ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට කළ ප්‍රකාශයක් නිසාය. මේ ඇමතිවරයා ඉන්දියානු ඇමතිවරයෙක් යැයි වැරදියට වටහා ගත යුතු නැත. 23 February 2024
පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදිම උදාහරණයක් පසුගියදා අපගේ ලංකාදීප ප්‍රධාන පුවතින් අනාවරණය කර තිබිණි. එම පිරමිඩ ක්රමයේ අලුත් ජාවාරමට හසුවූ පුද්ගලයන් අහිමි කරගත් මුදල රුපියල් කෝටි 800ක් පමණ බවත් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 22000ක් පමණ එම උගුලට හසුවී ඇති බවත් එම පුවතේ සඳහන් විය. 23 February 2024
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026