‘සම්මාන මේනියාව’ අප රටේ බොහෝ දෙනකුට වැළඳෙන රෝගයකි. එය බොහෝ දේශපාලනඥයන්ට වැළඳෙන ‘රථගාය’ බඳු ය. ධනය ලැබූ පසු බොහෝ දෙනෙක් බලය පසුපස හඹායති. ඒ ගමනට සම්මාන ලබා තිබීම පහසුවකැයි ඔවුහු සිතති. සම්මාන දොළ සංසිඳුවන ජාවාරම්කාරයන් ද සංවිධාන ද බිහිවන්නේ ඒ අනුව ය. කිසිම ලෙසකින් ප්‍රහසනයකින්, නාඩගමකින් වෙනස් නොවන මෙම ක්‍රියාදාමය නොනැවතී සිදුවන්නේ සම්මාන දෙනවුන්ගේ මෙන්ම ගත්තවුන්ගේ ‘‘ලජ්ජා නහර’’ කැපී ඇති හෙයින් බවට සැක කළ හැකි ය.
නිත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරවනාම පුද්ගලයන්ට ලබාදීම සහ එසේ ගෞරව නාම ලබාගැනීම සහ භාවිත කිරීමට එරෙහිව නිත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදාන හේතුවෙන් ගෞරව ප්‍රණාමයට පත් ශ්‍රී ලාංකිකයන්ට අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා එවැනි ක්‍රියාවට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සඳහන් කළ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ජාතික සම්මාන පිරිනැමීම සඳහා තේරීම් කමිටුවේ නිර්දේශ මත සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයැදුම්පත් කැඳවීමට නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයාගේ එකඟතාව අනුව ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලබන විද්වත් තේරීම් කමිටුවක් මගින් සම්මානලාභීන් තෝරා ගැනීමට නියමිත බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. තෝරාගන්නා ලද එම සම්මානලාභීන්ගේ නාම ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර පසුව නියම කර ගන්නා දිනයක දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය සිදු කරන බවද සඳහන් ය.
‘පූජාච පූජනීයං’ හෙවත් පිදිය යුත්තන් පිදීම ඉතා ඉහළ සත්පුරුෂ මානව ගුණයකි. එමෙන්ම එය ගරු සරු බවින් සමන්විත විය යුතුය. පිදුම් ලබන්නා තමන් එම පිදුමට සුදුස්සකු ද යන්න අවකංවත්, අව්‍යාජවත්, නිහතමානීවත් විමසා බැලිය යුතුය. එමෙන්ම තමන් සම්මානයට පාත්‍ර කරන පුද්ගලයා හෝ සංවිධානය එයට කෙතරම් සුදුසු ද යන්න කෙරෙහිත් අවධානය යොමු කළ යුතුය. ඉහත කාරණා දෙක සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් සම්මානය, අවමානයක් වීම කිසි ලෙසකින් හෝ වෙනස් කළ නොහැකි ය.
සම්මාන ප්‍රදාන අප රටේ බරපතළ ජාවාරමක් බවට පත්වී තිබේ. බොහෝ සම්මාන ප්‍රදාන සිදුවන්නේ මුදලට ය. සම්මානයක් පිරිනැමීමට තෝරා ගැනීමට මුදල් ගෙවිය යුතුය. සම්මානය මෙන්ම සම්මාන උළෙල සඳහා ද මුදල් පිරිනැමිය යුතුය. එසේ මුදල් පිරිනමන්නේ නම් ලංකා පුත්‍ර, දේශ පුත්‍ර, ජාති මාමක ආදි බර වචන ටොන් ගණනින් දමා සම්මානයක් ලබාගත හැකිය. ආචාර්ය, මහාචාර්යකම් පිරිනමන ආයතන ද අප රටේ වේ. තමන්ට ආචාර්ය, මහාචාර්ය වැනි ගෞරවනීය නාම නොගැළපෙන බව දැන දැනත් ඒවා සාඩම්බර පදක්කමක්ව පළඳිති. තමන් මොනර රැඟුමක් රඟන බව ඔවුහු නොදනිති. එමෙන්ම මෙම ක්‍රියාදාමය නිසා එම සම්මාන අවිරෝධිතව සුදුසුකම් ලැබ තිබෙන ශ්‍රී ලාංකිකයන් පවා අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. එහෙයින් මෙම ක්‍රියාදාමය පාලනය කිරීම සඳහා නීතිරීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් මතුවී තිබේ.
(***)

2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්‍රභූවරු