ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක් මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය. 16 November 2024
එදා - මෙදා දේශපාලක අමුතු කතා මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබුණේම නැත. සියලු අතින් ඈලි මෑලි ගතියක් මුළු ලංකාව පුරා පැවතුණි. 15 November 2024
නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්රකටය. එම දේශනා ක්‍රම අතර උපමා උපමේය භාවිතය ද ජනප්‍රිය අංගයක්ව පැවැති බව පැහැදිලිව දක්නට ලැබේ. 15 November 2024
අලි සංගණනයටත් තාක්ෂණික බාධා ලංකාවේ අපට අලි-ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්ධති සමග අලි ඇතුන් තදින් බද්ධව ඇත. එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අනතුරු හේතුවෙන් මරණයට පත්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. 14 November 2024
අද ඡන්දෙන් ජනතා මතය ජය ගන්වමු අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය රටේ ජනතාවට ඉතාමත් වැදගත් වන්නේ ජාතික ව්‍යවස්ථාදායකය වන ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනකු ජනතාවගේ ඡන්දයෙන් පත්කරගනු ලබන මැතිවරණයක් වීම නිසාය. මෙම මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයට සභිකයන් පත් කර ගැනීමට අමතරව ආණ්ඩුවේ එක් කොටසක් සම්පූර්ණ කර ගැනීමද සිදු වේ. 14 November 2024
ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව කතා කරයි - ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත. 13 November 2024
ඉල්මහ විරුවෝ තිස්පස්වැනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ශ්‍රී ලංකාව 1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්වීමෙන් පසු 1818 දී සහ 1848 දී වශයෙන් කැරලි දෙකක් පැන නැගුණ බව ඉතිහාසයේ සඳහන් වේ. එම අරගල දෙකම තුවක්කුවෙන් සහ වෙනත් ආයුධ මගින් මර්දනය කර දැමීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ. 13 November 2024
පුංචි එංගලන්ත තැපැල්හලේ ඉරණම කුමක් වේද? විශ්ව තැපැල් සංගමයේ ප්රමිතීන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ අභිප්‍රේරිත කාර්යමණ්ඩලය හා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් සැපයීම යන මෙහෙවර පෙරටු කරගනිමින් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. 13 November 2024
ප්‍රමුඛත්වය ඡන්දයද? ආර්ථිකයද? ජනාධිපතිවරණය අවසන් විය. හෙට මහමැතිවරණය අවසන් වේ. එසේ වුවද ඡන්ද පැවැත්වීම එතැනින් නවතින බවක් පෙනෙන්නට නැත. මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සිදුව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම වරදක් බවත් එම මැතිවරණය වහාම පැවැත්විය යුතු බවටත් නියෝග කර තිබේ. 13 November 2024
නිසඳැස පිටුදැකීම අමරසේකරගේ දුර්මතයක් නූතන කෙටිකතාව නවකතාව කවිය ඇතුළු සාහිත්‍යාංග අරභයා විමර්ශන කෘති රැසක් ලියා පළකොට නූතන සිංහල සාහිත්‍ය විචාරය පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් සපයමින් සිටින සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ගේ නවතම විමර්ශන ග්‍රන්ථය පසුගියදා එළි දැක්වුණි. ඒ ගුණදාස අමරසේකර සාහිත්‍ය විචාර ක්‍රමවේද නමිනි. ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ විචාර භූමිකාවේ අනන්‍යතා හෙළි කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙනේ. 12 November 2024
ආර්ථිකයට වරායෙන් උත්තර අවුරුදු දෙදහසකට අධික ඉතිහාසයක් කොළඹ වරාය සතුව ඇත. අරාබි, චීන සහ රෝම ජාතික නාවිකයෝ වෙළෙඳාම සඳහා මෙහි පැමිණියහ. පසුව ලන්දේසි, පෘතුගීසි හා ඉංග්‍රීසි ජාතිකයෝ වරාය කේන්ද්‍ර කරගෙන කටයුතු කර ඇති බව ඉතිහාසය දක්වයි. නිදහස ලැබීමෙන් පසු වරාය මෙහෙයුම් දියුණු තියුණු වී තිබේ. 12 November 2024
ට්‍රම්ප් ඝාතන තැතේ සුලමුල රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් විය. එය සැබැවින්ම සුවිශේෂී ජයග්‍රහණයකි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකකි. ට්‍රම්ප් පළමු වරට ජනාධිපති ධුරය හෙබවූයේ 2016 සිට 2020 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්, ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක් ධුර කාලයක් ඉතිරි වී තිබුණු බැවිනි. 11 November 2024
සහල් මිල ප්‍රශ්නයට විසඳුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු විෂයත් අගමැති හරිනි අමරසූරියගේ අධීක්ෂණය යටතේ පවතී. එම නිසා කෘෂිකර්මය සම්බන්ධ දේ නිපදවීම හා බෙදාහැරීම මත පහසු මිල ගණන්වලට ආහාර මිලදී ගැනීමේ හැකියාව පමණක් නොව ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව හා මන්දපෝෂණය පිටු දැකීමේ හැකියාවද රදා පවතී. 11 November 2024
වෙනසක් වෙනුවෙන් ඉවසීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට මේ දිනවල සිදුවී ඇත්තේ රට මුහුණ දී ඇති ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවක් නැතිව ඇමැතිවරුන් තුන් දෙනකුගේ කැබිනට් මණ්ඩලයකින් විසඳුම් සෙවීමට වඩා පරාජිත දේශපාලනඥයන් නඟන පදනමක් ඇති හා නැති විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමටය. 09 November 2024
සාධාරණ සමාජයක් පැතූ මාදුළුවාවේ සෝභිත නාහිමි මාදුළුවාවේ සෝභිත මහනාහිමිපාණන් වහන්සේගේ දුරදර්ශීත්වය නොවුවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නොපැවතියේ නම් උන්වහන්සේගේ අති දැවැන්ත නායකත්වය මේ සමාජයට ලබා නොදුන්නේ නම් 2015 ජනවාරි මස 08 වැනිදා මේ රටේ ජනතාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය බොහෝ දුරට සිහිනයක් වන්නට ඉඩ තිබුණි. 08 November 2024
අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු ඇත. දශක හතක ඉතිහාසය තුළ පැවැති ප්‍රධාන ධාරාව ප්‍රතික්ෂේප කළ ජනතාව මාක්ස්වාදී නැඹුරුවක් සහිත පක්ෂයක් තෝරා ගෙන තිබේ. 08 November 2024
ගෝන දඩයමේ ගිය සැරයන්ට දුන් දඬුවමට දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවියට පාඩමක් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටින වල් ඌරන්, මුවන් සහ ගෝනුන් මරා මස් කර විකුණන ජාවාරමක සුලමුල මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ සිටින සිවිල් ආරක්ෂක නිලධාරියකු මීට පෙර මුවන්, ගෝනුන් සහ වල් ඌරන් මරා තැරැව්කාරයන් හරහා විකුණන වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. 07 November 2024
ඡන්දය කාටද? කුමටද? 2024 පාර්ලිමේන්තු මැතිවරණය මෙම මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. එය ව්‍යවස්ථාදායකය පිළිබද බලය පාර්ලිමේන්තුවට ලබා දීම සඳහා පැවැත්වෙන මැතිවරණයකි. ලංකාවේ ජනගහණයෙන් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික ජනතාවක් මේ සඳහා ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. 07 November 2024
හෙළයේ මහා ගාන්ධර්වයා - අමරදේව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව ඉකුත් 3 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 06 November 2024
විදේශ ආධාරවලින් රට හැදෙයිද? ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් රට සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් අත් කරගෙන තිබේ. එසේ වුවද එම ගමනේදී විවිධාකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදුවිය හැකිය යන කාරණාව පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. 06 November 2024
අපනයන ප්‍රවර්ධනයේ අවශ්‍යතාව මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා වන බවක් දැකිය හැකිය. මුදල් මුද්‍රණය කිරීම යනු කුමක්ද යන්න තේරුම් ගත් විට අපට එම සාකච්ඡාවට පාදක වී ඇති කරුණුවල සත්‍යාසත්‍යතාව විභාග කළ හැකිය. මුදල් මුද්‍රණය කිරීම යනු, මුද්‍රණාලයක මුදල් නෝට්ටු අච්චු ගැසීම නොවේ. එය එහි එක් අංගයක් පමණි. මහ බැංකුවට එකතු වෙන මුදල් නෝට්ටු භාවිත කළ නොහැකි මට්ටමේ පවතී නම්, ඒවා වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කරනු ලැබේ. 05 November 2024
ලෝක බලවතා කමලාද? ට්‍රම්ප්ද? ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. 04 November 2024
යුගයට ගැළපෙන දේශපාලනය තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද්ධිය දක්වා පරාසයක තොරතුරු විකාශය විචාරයකට ලක් කරන ප්‍රකට ලේඛක යූආල් හරාරි ගේ ‘නෙක්සස්’ මෙම අදහස පෙන්වා දෙයි. 04 November 2024
අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති. 03 November 2024
සසුනඹර එකලු කළ පොඩි හාමුදුරුවෝ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 02 November 2024
උඩ යන යට යන කොමිෂන් සභා පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දැරූ උත්සාහය පුස් වෙඩිල්ලක් බවට පත්වී තිබේ. 02 November 2024
වසර 138ක් සපුරන කොළඹ ආනන්දය කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගමට සම්බන්ධ විය. අනතුරුව හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ රැලියක් පිටකොටුවේ දී පැවැත්වූ අතර මෙහි දී යෝජනා කර ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියෙහි අංක 61 දරණ ස්ථානයෙහි බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නමින් 1886 නොවැම්බර් මස පළමුවැනිදා ආනන්දයේ ආරම්භය සිදුව ඇත. 01 November 2024
මැතිවරණ පොරොන්දු සීමා නීතියක් අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එසේ කරගත නොහැකි වී ඇති බවයි. එම අවශ්‍යතාව තම ආරක්ෂාව බාර නිලධාරීන්ට කී විට ඔවුන් පෙරළා කියා තිබූ බව ඇය සඳහන් කළේ “මැඩම් මේ ස්විට්සර්ලන්තය නෙමෙයි” යන්නයි. 01 November 2024
මනුලොවට එළිය ගෙනෙන දීපාවලී හින්දු ජනතාව අති උත්කර්ෂවත්ව සමරන දීපාවලී අදට (31) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි. ලොව පුරා මිලියන සංඛ්‍යාත හින්දු ජනතාව සමරනු ලබන ජනප්‍රියම හින්දු උත්සවය දීපාවලිය වේ. හින්දු වියතුන්ගේ අර්ථකථනවලට අනුව මිනිසාගේ සිරුරේත් හදවතේත් භාවමය ශක්තිය ලෙස පහන් දල්වා අඥානය නැමැති අඳුර දුරුකර ඥානය නැමති සත්‍යයේ එළිය අවදිකර ගැනීම සිදුකර ගන්නා දිනය දීපාවලී දිනය වේ. 31 October 2024
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයිබටද? අප කුඩා සන්ධියේ මහත් ලාලසාවකින් කියැවූ අපූරු මතකයක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ සමස්තය දකින විට නිතැතින්ම සිහිපත් වීම නොවැළැක්විය හැකිය. එනම් නැව අබලන් වීම නිසා දූපතකට සේන්දු වූ යෝධයා වූ ගලිවර් සහ කුඩාම මිනිසුන් සමූහයක් වූ ලිලී පුට්ටන්ගේ කතාවය. 31 October 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025