IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රජයේ නිවාඩු දින පසුපස

මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී තිබේ. රජයේ නිවාඩු දින 24 සකස් වී ඇති ආකාරය පසුබිම් කරගත් අපූරු කතාන්දර ගණනාවක් තිබේ.

ශ්‍රී ලංකාවේ රජයේ හා බැංකු නිවාඩු දින නියම කරන්නේ 1971 අංක 29 දරන නිවාඩු පනත අනුවය. විවිධ ආණ්ඩුවලින් විවිධ නිවාඩු දින ඇතුළත් කිරීම් හා අවලංගු කිරීම සිදුකර ඇත.

නිදහස් දිනය එසේ වෙනස්කම්වලට භාජනය වූ රජයේ නිවාඩු දිනයකි. 1948 පළමු නිදහස් දිනය වෙනුවෙන් පෙබරවාරි මස 4 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. පළමු නිදහස සැමරීම වෙනුවෙන් පෙබරවාරි 10 – 11 හා 12 යන දින තුන ද රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණි. ඒ අනුව උත්සව මාලාවක් සංවිධානය විය. සිරකාරයන්ට නිදහස ලබාදීම සත්ව ඝාතන ස්ථාන වසා දැමීම වැනි කටයුතු ඒ අතර විය. බ්‍රිතාන්‍යයේ මහ රජුගේ සොහොයුරා වූ ග්ලෝස්වර් ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් ගෙන ගිය සිංහල රජුගේ සිහසුන හා ඔටුන්න යළි මෙරටට රැගෙනවිත් රජයට භාර දුන්නේය.

වෙසක් පොහොය නිවාඩුවද මෙරට පැවැති විවිධ ආණ්ඩු විසින් වරන්වර වෙනස් කර තිබේ. පෙර රජදවස පටන් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස සැලකුවද පහතරට ආණ්ඩු බලය අත්පත් කරගෙන සිටි ලන්දේසින් 1770 දී තම ප්‍රදේශවල වෙසක් පොහොය දින නිවාඩුව අවලංගු කර පාස්කු ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කෙරිණි. සෑම ඉරිදා දිනයක්ම නිවාඩු දිනයක් ලෙස නීතිගත කරන ලද්දේද එම ලන්දේසි රජයයි. 1817 දී බ්‍රිතාන්‍ය රජයද පොහොය දින නිවාඩුව අවලංගු කර ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලදී. පොහොය දින නිවාඩුව යළි ලබා ගැනීම සඳහා අරගලයක් කළ ඇමරිකාවේ සිට මෙරටට පැමිණි කර්නල් ඕල්කට් තුමා බ්‍රිතාන්‍යයට ගොස් එරට රජය හමුවී වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම අනුමත විය. 1885 මාර්තු 27 වැනි දින නිකුත් කළ රජයේ ගැසට් පත්‍රය මගින් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙරිණි. මුල් කාලීන බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙරට සති අන්ත නිවාඩු දින නියම කර තිබුණේ නැත. ඒ වෙනුවට මසකට තිබුණේ නිවාඩු දින සතරකි. ඒ සතර පෝයටය. ලාංකිකයන් බෞද්ධ ජාතියක් ලෙස සතර පෝයටම සිල් සමාදන් වූ හෙයින් පෝය හතර නිවාඩු දින ලෙස සැලකිණි. පසුව මිෂනාරින්ගේ ඉල්ලීම් අනුව මෙම නිවාඩු දින වෙනස් කර සෙනසුරාදා දිනය හා ඉරිදා දිනය නිවාඩු දින බවට නම් කෙරිණි.

1956 පත්වූ බණ්ඩාරනායක රජය සෑම මසකට පසලොස්වක පොහොයදා මෙරට රජයේ හා බැංකු නිවාඩු දින බවට නීතියෙන් අනුමත කරන ලදී. ඒ අනුව වසරකට පොහොය නිවාඩු දින 13ක් හිමිවිය. මාස 12ක් වුවත් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් පෙර පෝය හා පසු පෝය යනුවෙන් දින දෙකක් වෙන් කිරීම නිසා පොහොය නිවාඩු දින ගණන 13ක් විය. අප අද පොදුවේ භාවිත කරන යටත් විජිත පාලනයෙන් ලැබුණු දායාදයක් වූ ග්‍රෙගෝරියානු දින දර්ශනය අනුව ලැබුණේ නිවාඩු දින කිහිපයක් පමණකි. කම්කරු දිනය, නත්තල් දිනය, නිදහස් දිනය (1948 සිට) හා ඉස්ලාම් සහ කතෝලික ආගම්වල විශේෂිත දින වශයෙනි. ඉතිරි නිවාඩු දින සියල්ලම ලැබුණේ විවිධ ආණ්ඩුවලින් ගත් තීන්දු තීරණ නිසාය.

1956  බුද්ධ ජයන්තිය වෙනුවෙන් බණ්ඩාරනායක රජය සියලුම පෝය දින නිවාඩු දින බවට පත් කළත් 1959 දී යළිත් එම නිවාඩු දින වෙනස් විය. ඒ අනුව නිදහස ලබද්දී තිබූ නිවාඩු දිනය වූ වෙසක් හා පොසොන් පෝය දිනත් දුරුතු හා උඳුවප් පොහොය දිනත් හැර සෙසු පෝය නිවාඩු අවලංගු කෙරිණි. 1965 දී බලයට පත් වූ ඩඩ්ලි සේනානායක රජය නිවාඩු දිනවල විශාල වෙනසක් සිදු කළේය. බණ්ඩාරනායක රජය මගින් පනවා එම රජය මගින්ම අහෝසි කර තිබූ පසලොස්වක පොහොය දින නිවාඩුව වලංගු කළ ඩඩ්ලි සේනානායක රජය සතර පෝයම නිවාඩු දින බවට පත් කළේය. සෙනසුරාදා හා ඉරිදට යෙදී තිබූ සති අන්තය සතර පෝය හා එයට පෙර දින වූ පෙරපෝය දිනට වෙනස් කළේය. එහෙත් මෙමගින් පරිපාලන අවුලක් ඇති වුණේය. ජාත්‍යන්තරව සම්මත සති අන්තය වූයේ සෙනසුරාදා සහ ඉරිදාය. ගුවන් හා වාණිජ කටයුතුවලදීද බැංකු කටයුතුවලදීත් ​ෙමම සති අන්ත ක්‍රමය මහත් කරදරයක් බවට පත්විය. ඒ නිසා 1970 දී බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩානායක රජය 1971 අංක 29 දරන පනත ගෙනැවිත් සෙනසුරාදා සහ ඉරිදා සති අන්තය බවට හා නිවාඩු දින බවට පත් කළේය. පෙර තිබූ අවුල නිවැරැදි විය. පසලොස්වක පොහොය පොදු නිවාඩු දිනයක් බවට පත්විය. නිදහස ලැබෙන අවස්ථාවේ නියම වී තිබුණු ඉස්ලාම් ආගමික නිවාඩු දවස් තුන මේ දක්වා කිසිම රජයක් වෙනස් කළේ නැත. හින්දු ආගමිකයන් වෙනුවෙන් අලුත් අවුරුද්ද හා මහාශිව රාත්‍රි හා දීපාවලි දින නිවාඩු දින වශයෙන් ඇතුළත් විය.

වර්තමානයේදී ජාතික නිදහස් දිනය ලෙස පෙබරවාරි 4 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද අතීතයේ ඇතැම් අවුරුදුවල පෙබරවාරි 4 වැනිදා රජයේ නිවාඩු දිනයක් වූයේ නැත. ශ්‍රීලනිපයේ 1970 ආණ්ඩුව නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කළ මැයි මස 22 වැනිදා නිදහස් දිනය ලෙස සැමරීම එයට හේතුවය. 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ එතෙක් ඩොමීනියන් නිදහසක් හෙවත් බ්‍රිතාන්‍ය රැජිණගේ නියෝජිත අග්‍රාණ්ඩුකාරවරයකු ලංකාවේ ඉහළම දේශපාලන බලවතා ලෙස සිටි බැඳීම අහෝසිකර යටත් විජිත වියගහේ අවසන් ලණු පොට ද කපා ඉවත් කළේය. ඒනිසා 1972 සිට 1977 මැයි දක්වාම ශ්‍රීලනිප ආණ්ඩුව නිදහස් දිනය ලෙස සැමරුවේ මැයි 22 වැනිදාය. එකල පෙබරවාරි 4 සාමාන්‍ය වැඩ කරන දිනයක් විය.

හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වූ සැප්තැම්බර් මස 26 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස 1960 ශ්‍රීලනිප ආණ්ඩුව විසින් නම් කරනු ලැබ තිබුණි. මෙම දිනය හැඳින් වූයේ බණ්ඩාරනායක දිනය වශයෙනි. එහෙත් 1965 පත් වූ එජාප හත්හවුල් රජය මෙම නිවාඩුව අවලංගු කළේය. 1965 සිට 1970 දක්වාම මෙම නිවාඩු දිනය අවලංගු කරන ලදී. එහෙත් යළිත් 1970 දී බලයට ආ ශ්‍රීලනිප සමගි පෙරමුණු රජය මෙම බණ්ඩාරනායක දින නිවාඩුව යළිත් වලංගු කළේය. එකල සැප්තැම්බර් 26 වැනිදා රජයේ නිවාඩු දිනයක් විය. 1977දී බලයට පත් වූ එජාප රජය බණ්ඩාරනායක සමරු දින නිවාඩුව අවලංගු කළේය. ජනරජ දිනය ලෙස මැයි 22 වැනිදාට තිබූ ගෞරවය ඉවත් කර ජාතික නිදහස් දිනය ලෙස පෙබරවාරි 4 වැනිදාට රටට නිදහස ලැබුණු දිනය සැමරීම ඇරඹුවේය. විධායක ජනාධිපතිවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රථම වරට දිවුරුම් දුන්නේද 1978 පෙබරවාරි 4 වැනිදාය. ඒ සමගම ජනවාරි 1 වැනිදාට එතෙක් යෙදී තිබූ ජාතික වීර දින නිවාඩුව මැයි 22 වැනිදාට ගෙන ගියේය. එදා සිට ජනවාරි 1 වැනිදා රජයේ නිවාඩු දිනයක් නොවේ. එහෙත් මැයි 22ට නියමව තිබූ ජාතික වීර දින නිවාඩුව ද පසු කාලීනව අහෝසි විය. මේ වනවිට මැයි 22 නිවාඩු දිනයක් ලෙස සැමරෙන්නේ නැත.

සෑම වසරකම මැද භාගයේ දී ඊළඟ වසරට හිමි රජයේ හා බැංකු නිවාඩු දින නියම කරන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයාය. මෙම කටයුත්ත ස්වදේශ කටයුතු ඇමැතිවරයාගේ රාජකාරි බලතල අතරට අයත් වේ. නිවාඩු දින නියම කරන්නේ 1971 අංක 29 දරන නිවාඩු පනතේ වගන්ති අනුවය.

 

(*** ප්‍රේමකීර්ති රණතුංග)



අදහස් (0)

රජයේ නිවාඩු දින පසුපස

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 32 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 23 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 43 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 12 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 441 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 231 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 352 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1116 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site