කතාවේ භාවිතාවේ පරතරය ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද එකක් වීමය. එක් අතකින් ආණ්ඩුවට සහල් ප්රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ. 13 December 2024
ඒඩ්ස් සමාජ උවදුරක් වේවිද? මානවයාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අවධානය යොමු කරන විට අප ව්‍යවහාරයෙහි සුලබව පවතින්නා වූ පද ද්විත්වයක් ලෙසHIV සහ ඒඩ්ස් හැඳින්විය හැකිය. 1981 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල තරුණ කණ්ඩායම් අතර ශරීරයෙහි ප්‍රතිශක්තිය අඩු වීම හේතුවෙන් පැතිරී යන විශේෂ රෝගී තත්ව පිළිබඳව වාර්තා වීමත් සමඟ එම රෝගී තත්වය ඒඩ්ස් නමින් හැඳින්වීමට කටයුතු කර ඇත. 12 December 2024
ඊ-මෝටරින් ව්‍යාපෘතියෙන් සැරසෙන්නේ තවත් ගැහිල්ලකටද? ඊ-මෝටරින් ව්‍යාපෘතියක් හඳුන්වා දෙමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යයන් සාර්ථක කර ගැනීමට පිඹුරුපත් සැකසෙන්නේ 2018 වසරේදීය. මෙම ව්‍යාපෘතිය හරහා නව මෘදුකාංගයක් හඳුන්වා දෙමින් නවීන ක්‍රමවේද භාවිත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යයන් ආරම්භ කිරීමට නියමිතව තිබුණි. 12 December 2024
දියුණුවේ මාර්ගයට අවස්ථා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රටවල් 193ක් ලෝකයේ තිබේ. අප කැමැති වුවත් අකැමැති වුවත් මෙයින් සියයට හැත්තෑපහක ආර්ථික පාලනය වන්නේ ධනවාදී ක්‍රමයෙනි. එනම් වෙළෙඳපොළ ආර්ථික ක්රමවේදයෙනි. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යනු ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ ආර්ථික ක්රමයකි. 12 December 2024
කෘෂි අර්බුදයට තිරසාර විසඳුමක් තම වගාවලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේ දී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට අමාත්‍ය ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල විවිධ මත ප්‍රකාශ වන බව පෙනේ. වන සතුන් කෘෂිකාර්මික කටයුතුවලට කරන හානිය ඉතා දරුණු තත්වයකට පත්ව ඇතැයි ද එය රිළා ත්රස්තවාදයක් බවට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. 11 December 2024
කවි පොත් පහ ගහන්න කොස් ගස් පහක් වික්කා දශක කිහිපයක් පුරා කාව්‍ය ග්රන්ථ විසිපහක් පමණ රචනා කරමින් සිංහල කවියෙහි තමන්ටම අනන්‍ය කවි ලකුණක් නිර්මාණය කරන්නට සමත් වූ ඔහු කුමාර හෙට්ටිආරච්චි ය. ඔහුගේ කවිය නූතනයේ වෙනත් කවියන්ට වඩා අමුතු අපූර්වත්වයකින් යුතු එකකි. 10 December 2024
ලංකාවේ මානව හිමිකම් අභියෝග විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්රඥප්තියට අනුමැතිය දීමේ යෝජනාවට අත්සන් කළේ 1948 දෙසැම්බර් 10 වැනිදාය. එයින් ලංකාව පමණක් නොව ලෝකයේ සියලුම රටවලට මානව හිමිකම් ආරක්ෂා කිරීම, ගෞරව කිරීම මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීමක් හා යුතුකමක් වශයෙන් තීරණයවී තිබේ. 10 December 2024
ජනපති රටිනුත් එළවූ සිරියානු කැරැල්ල අවසානයේ එය එසේ සිදුවිය. වසර 13 ක් තිස්සේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය උත්සාහය සාර්ථක විය. සිරියානු විපක්ෂය සමඟ එක් වූ සන්නද්ධ කැරැලිකරුවෝ ක්‍රමානුකූලව සිරියාවේ නගර එකිනෙක ඔවුන්ගේ ග්‍රහණයට ගනිමින් අවසානයේ ඊයේ (8) ඩමැස්කස් අගනුවර අත්පත් කර ගත්හ. 09 December 2024
සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයක් කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිදුවිය. රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පහත වැටිණ. 09 December 2024
උතුර-නැගෙනහිර ආණ්ඩුවේ ගමන්මග උතුරු, නැගෙනහිර පළාත්වලට සීමාවූ දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු පක්ෂයක් මෙතෙක් නොලැබූ තරම් විශාල බලයක් මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබී තිබේ. 07 December 2024
කතාව දෝලාවෙන් ගමන ...? මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේය. මේ පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවය. 06 December 2024
ආපදා පාලන ආපදාව ආපදා කළමනාකරණය පිළිබඳව රටේ යළි උනන්දුවක් ඇති වූයේ පසුගිය දිනවල ෆැනරල් කුණාටුව අපේ රටට බලපෑ පසුවය. පොදු සමාජයට බලපාන ආපදා තත්වයක් ඇති වූ පසු ආපදා කළමනාකරණය ගැන කතා කිරීම හැමදාම සිදු වූ දෙයකි. පසුගිය වර්ෂ ගණනාවක සිටම වූයේ ඒ දෙයයි. ආපදා කළමනාකරණය ගැන මේ යළිත් කතාබහක් ඇති වීම එහිම දිගුවකි. 05 December 2024
191 කට මරු කැඳවූ සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි 1974.12.04 දින ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපොළින් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කළ ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටි ගුවන් යානයේ ගමන් ගත් මගින් 182 ක් සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. 04 December 2024
කලා ලොව එකලු කළ සිරිල් ඒ. සීලවිමල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු, සිනමාකරුවකු, සාහිත්‍යවේදියකු මෙන්ම ප්‍රකට ගේය පද රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මහතා වියෝ වී මෙම මස (04) වැනිදාට වසර 14 ක් පිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 04 December 2024
ආර්ථිකයට ඉදිරි දැක්මක් අවශ්‍ය ඇයි? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව නිල එකඟතාවකට පැමිණියේ 2023 වසරේ මාර්තු මස 20 වැනිදාය. එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය මුදලෙහි පළමු වාරිකය එදිනම නිදහස් කිරීම ද සිදුවිය. 2023 දෙසැම්බර් 13 වැනිදා දෙවැනි වාරිකය රටට ලැබිණි. 03 December 2024
උතුරේ ජනවරම කුමක්ද? ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓතිහාසික ජයග්‍රහණ යේ. ඊට පාර කැපුවේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දී 2019 නොවැම්බරයේදී ජනාධිපති ලෙස තෝරා පත් කළ, ගෝඨාභය රාජපක්ෂය. 02 December 2024
ආණ්ඩු විරෝධී විවේචන බොරුවීම සිලින්ඩර් පක්ෂය යනුවෙන් බොහෝ දෙනා පහසුව පිණිස හඳුන්වන මෙවර ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය දෙනු ලැබූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මතු වී ඇති අවුල තවමත් විසඳී නැත. 30 November 2024
දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය. ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි. ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය. 29 November 2024
සංචාරක ව්‍යාපාරයේ පෙරැළියක් ඕනෑ ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. 28 November 2024
ප්රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 27 November 2024
අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මීට අදාළව ශ්‍රී ලංකාව සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹීමට හැකි වූ බව ප්‍රකාශ කළේය. 27 November 2024
ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. 26 November 2024
ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ පරිදි ලබා ඇති සාර්ථකත්වය මත වැඩසටහන යටතේ එන හතර වැනි වාරිකය වන ඇ.ඩොලර් 330 පමණ මුදලක් නිදහස් කිරීමට අදාළ කර්ය මණ්ඩල එකඟතාව ලබාදී ඇත. එම සමාලෝචනයෙන් පසුව පවත්වන ලද මධ්‍ය සාකච්ඡාවේදී සමාලෝචනයට අදාළ ඇතැම් කරුණු සාරංශව ඉදිරිපත් කරන ලදී. 26 November 2024
උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුවෙමු. 23 November 2024
මාලිමාවේ ජයෙන් ඔබ්බට මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්තිමත්ව පිළිගෙන ඇත. මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මෙම නව දේශපාලන බල ව්‍යාපෘතියේ ස්වභාවය සහ ගමන් මග පිළිබඳවය. 22 November 2024
එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැනීම වෙනස් කිරීමට කාලය එළැඹෙමින් තිබේ. එයට හේතු වන්නේ අද වෙළෙදපොළේ පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන නිසාවෙනි. පොල් යනු මෙරට වගාකරන බෝගයක් නොව මෙරටට ආනයනය කරනු ලබන නිෂ්පාදනයක් මෙන් පොල් මිල ඉහළ ගොස් ඇත. 21 November 2024
ජයග්‍රහණ ජනසතුවේ අභියෝග ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නැගීම වෙනුවෙන් තමන්ට ශක්තිමත් බලයක් අවශ්‍ය බවයි. 21 November 2024
පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරමට ධාන්‍ය ගබඩා කර නැතහොත් නිපදවා ඇත්තේ මේ රට තුළය. 20 November 2024
ආණ්ඩුවට භාරදූර වගකීමක් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බලවේගය මන්ත්‍රී ආසන 40කට සීමා කිරීමටත් සෙසු ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ලම සුළු පක්ෂ බවට පත් කිරීමටත් මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතු විය. 19 November 2024
ජයග්‍රහණය අබියස අභියෝගය ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔවුන්ගේ ජයග්‍රහණයට සුබ පතා මේ සටහන නොතබන්නේ නම්, මෙය මේ මොහොතට තරම් වටිනා සටහනක් නොවනු ඇත. 18 November 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025