ආණ්ඩුවේ අර්බුද
ආණ්ඩුව තුළ පැවැති අභ්‍යන්තර අර්බුද දිනෙන් දිනම වැඩිවෙමින් තිබේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නිහඬ ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ දේශපාලන උපාය මාර්ගයකට අවතීරණ වී ඇතැයි පැවසේ. වෙනදා ආණ්ඩුවේ කුදු මහත් ඕනෑම වර්ගයක ප්‍රශ්නයක් හමුවේ අදහස් පළ කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර හා වාසුදේව නානායක්කාර පවා දේශපාලන වේදිකාවේ කතා නොකරන තරම්ය. නැතිනම් ඉතා සුළු වශයෙන් කතාකරන්නට වැයම් දරන බවක් පෙනේ.