IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


බලාගාර අර්බුදය

මේ දිනවල දේශපාලන කරළියේ උණුසුම් පුවත් අතරින් එකක් වන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමේ රජයේ තීන්දුවය. කැබිනට් මණ්ඩලයේ දී ඉතා අවම කතාබහකින් පසුව එම කොටස් අයිතිය රජය හොර රහසේම ඇමෙරිකානු සමාගමකට පැවරීම කර ඇතැයි ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු මෙන්ම විපක්ෂය ද චෝදනා කරති.

ඇතැම් සිවිල් හා මහජන සංවිධාන ද ආණ්ඩුවේ එම පියවර දැඩි විවේචනයට ලක්කරමින් සිටී.
කෙරවලපිටිය යුගදනවි ද්විත්ව චක්‍රීය බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 51ක් ලංකා විදුලිබල මණ්ඩලය සතුය. ඉතිරි කොටස් අයිතිවන්නේ වෙනත් පාර්ශ්වයකටය.

ලංකා විදුලිබල මණ්ඩලය සතු කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණය ඇමෙරිකාවට ලබාදී තිබේ. ඇතැම් පිරිස් චෝදනා කරන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාවය මත එම ගනුදෙනුව සිදුව තිබෙන බවය.

“රටේ බලශක්තිය පාලනය කිරීමේ අයිතිය ජාත්‍යන්තර සමාගම් සතු කිරීමේ ප්‍රයත්නයක ආණ්ඩුව යෙදී ඉන්නවා. ජාත්‍යන්තර බලතුලනයේ තීරක සාධකයක් වන්නේ බලශක්තියයි. එවැනි තත්ත්වයක් තුළ රටේ බලශක්තිය පිළිබඳව ලංකාව සතු අධිකාරී බලය එලෙසින්ම පවත්වා ගැනීම රටේ ප්‍රගමනයට අත්‍යවශ්‍යයි. ලංකාව ඇමෙරිකානු සමාගමක් සමඟ ඇතිකර ගත් ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ විදුලි බාලාගාර හා ඒ සඳහා ඉන්ධන සැපයුම ලබාදෙන රජයේ ව්‍යුහය ශ්‍රී ලංකා රජයේ අධිකාරියෙන් ඉවතට යනවා. ඒක ඉතා භයානක තත්ත්වයක්. මේ ක්‍රියාවලිය රටේ ස්වෛරීත්වයට මරු පහරක් වෙනවා” යැයි ද ඒ පිළිබඳව අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ආණ්‍ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර හිටපු විදුලිබල ඇමැතිවරයා හෝ නව විදුලිබල ඇමැතිවරයා හෝ ඒ පිළිබඳව අදහස් දක්වන්නේ නැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇමරිකානු රජය අතර ඇති කරගත් ගිවිසුමට ආණ්‍ඩුවේ හවුල්කාර පක්ෂ සියල්ලම පාහේ විරෝධය දක්වයි. මාධ්‍ය වාර්තාකර තිබූ ආකාරයට හවුල්කාර පක්ෂ ගණන දහයකි. එම පක්ෂ දහයම එක් වී ඉකුත් දා පොදු තීන්දුවකට එළැඹී ඇත. ඒ ඇමෙරිකානු සමාගමකට බලාගාරයේ කොටස් විකිණීමට විරෝධය දැක්වීමටය. හවුල්කාර පක්ෂවල නායකයන් පිරිසක් ඉකුත් අඟහරුවාදා පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට රැස්වූහ. ඒ බලාගාර ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමටය. වාසුදේව නානායක්කාර, කොමියුනිට්ස් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ, දයාසිරි ජයසේකර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ දී සාකච්ඡා කළහ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කිරීමට හවුල්කාර පක්ෂ නායකයෝ අපේක්ෂාවෙන් සිටිති. ඉකුත් බදාදා දහවල් ඔවුහු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළහ. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. ආරංචි මාර්ග සඳහන් කළේ හවුල්කාර පක්ෂ නායකයෝ එහිදී සිය විරෝධය පළ කළ බවය.

“අගමැතිතුමත් ජනාධිපතිතුමත් එක්ක දැන් කතා කරලා වැඩක් නැහැ. අශ්වයාට යන්න ඇරලා ඉස්තාලය වැහුවට වැඩක් නැහැ. බලාගාරයේ කොටස් විකුණලා ඉවරයි. ගිවිසුම අත්සන් කළා. දැන් ඒක ජාත්‍යන්තර ගිවිසුමක්. ආපසු හරවන්න බැහැ” යැයි තවත් පිරිසක් පැහැදිලි කරති. “අපි වරායේ නැගෙනහිර ජැටිය ආපසු හැරෙව්වා. අපි ඒකට උත්සාහය දරනවා. අපේ පක්ෂවල මතය අපි ආණ්‍ඩුවේ නායකයන්ට කියනවා. රටේ සම්පත් විකුණන්න ඉඩ දෙන්න බැහැ” යැයි වාසුදේව නානායක්කාර කියන්නේය.

ජයන්ත කැටගොඩ ඉකුත් අඟහරුවාදා පස්වන වතාවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දුන්නේය.

ජයන්ත කැටගොඩ වර්තමාන පාර්ලිමේන්තුවට පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි. ඔහු ඉල්ලා අස්වූයේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමටය. ඉල්ලා අස්වූ කැටගොඩට විදේශ රටක තානාපතිධුරයක් ලබාදෙනු ඇතැයි ද රාවයක් පැතිර ගියේය. ඒත් මාස කීපයක් යනතුරුත් එවැන්නක් ඔහුට ලැබුණේ නැත. මේ අතර මහබැංකු අධිපතිධුරය බාරගැනීමට අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ පත්වූයේය. පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කැටගොඩ දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයෙනි. 1991 වසරේ කඩුවෙල ප්‍රාදේශීය සභාවට පත්වූ කැටගොඩ එහි විපක්ෂනායක ධුරයට ද පත් වූයේය. 2000 වසරේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පළමු වරට දිවුරුම් දුන්නේය.

විවිධ වංචා දූෂණ සහ බලපෑම් හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් අස්වන බවට ඇතැම් පාර්ශ්ව ආණ්ඩුවට චෝදනා කරනවා. ඇතැම් ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් විවිධ බලපෑම් එල්ල කරන බවටත් හෘද සාක්ෂියට අනුව රාජකාරී කළ නොහැකි බවත් ප්‍රකාශ කරමින් රාජ්‍ය නිලධාරීහු තනතුරු අත්හරින බවට ජනතා විමුක්ති පෙරමුණ ද ඉකුත් දා චෝදනා කළේය. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරන්නේ ඇමැතිවරු රාජ්‍ය ආයතන නැටවීමට උත්සාහ ගන්නා විට හෘද සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වන බවය. මාධ්‍ය වාර්තාකර තිබූ ආකාරයට රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක්ම ඉකුත් දා තනතුරු අත්හැර දැමූහ. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන, ආයෝජන මණ්‍ඩලයේ සභාපති සුසන්ත රත්නායක, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ, වී අලෙවි මණ්‍ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව, ලිට්‍රො සමාගමේ සභාපති අනිල් කොස්වත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන පිරිස සිය ධුරවලින් ඉල්ලා අස් වූහ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇමැතිවරුන්ගේ හා ඉහළ දේශපාලන බලධාරීන්ගේ බලපෑම් සහ අතපෙවීම් හේතුවෙන් එම නිලධාරීන් ඉල්ලා අස් වූ බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය හොබවන එම පක්ෂය ඉකුත්දා නිවේදනය කර තිබුණේ අළුගසා දමා නැගිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් තිබෙන බවය. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ද නැවත පක්ෂයට ආරාධනා කරන බවට ද ආරංචි පැතිර ගියේය. මේ පිළිබඳව ජනමාධ්‍යවේදියෙක් චන්ද්‍රිකාගෙන් ඉකුත් දා විමසීමක් කළේය. චන්ද්‍රිකා ඊට දීර්ඝ පිළිතුරක් දුන්නාය. ඒ බව හිටපු ජනාධිපතිනිය සිය ෆේස්බුක් ගිණුමෙහි ද සටහන් කර තැබුවාය.

“මම කිසි විටෙකවත් පක්ෂයෙන් ඉවත් වී නැහැ. අදටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. ඒත් 2018 වසරේ ජුනි මාසයේ සිට පක්ෂයේ කිසිදු සාකච්ඡාවකට හෝ රැස්වීමකට හෝ මට ආරාධනා ලැබෙන්නේ නැහැ. අපේ තාත්තා, අම්මා, මල්ලි සහ මම අවුරුදු 85කට ආසන්න කාලයක් නියෝජනය කළ අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මාව ඉවත් කළා” ආදී වශයෙන් දීර්ඝ පිළිතුරක් චන්ද්‍රිකාගේ ෆේස්බුක් සටහනේ තබා තිබේ.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල වාර්ෂිකව පැවැත්වෙන ගුණසමරු වැඩසටහන මෙවර පුළුල් ආකාරයෙන් නොපැවැත්වෙන බව වාර්තා වේ. සෑම වසරකම සැප්තැම්බර් මස 26 වැනි දින බණ්‍ඩාරනායක ගුණසමරුව පැවැත්වෙන්නේ 1960 වසරේ සිටය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක සිහිපත් කරමින් එම සමරු වැඩසටහන පැවැත්වේ. හොරගොල්ල සමාධි පදනම නිවේදනය කර තිබුණේ සැප්තැම්බර් මස 26 වැනි දින දවසේ ඕනෑම වේලාවක පැමිණ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවලට අනුගත වෙමින් සමාධියට ගෞරව කළ හැකි බවය.
මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා සහ ආණ්‍ඩුවේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙකු අතර ගැටුමක් නිර්මාණය වී තිබේ. ජගත් කුමාර මන්ත්‍රීවරයා දිගින් දිගටම සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන ඇමැතිවරුන්ට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ ලොහාන් රත්වත්තේට මෙන්ම ජගත් කුමාරට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවය. එහෙත් ජගත් කුමාර මන්ත්‍රීවරයා කියන්නේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විනය පරීක්ෂණයක් නොකරන බවට තමන් සමග ප්‍රකාශ කළ බවකි. පොලිස් ස්ථානාධිපතිවරයකුගේ පත් කිරීමක් සම්බන්ධයෙන් මෙම ගැටුම නිර්මාණය වූ අතර එය ආණ්ඩුව ඇතුළේම අර්බුදයක් දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවට ද දේශපාලන මතධාරීහු අදහස් දක්වති. ජගත් කුමාර ද සටන අතහැර නැති අතර ඔහු දිගින් දිගටම සරත් වීරසේකරට සහ ගාමිණී ලොකුගේට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබන ඡන්දයේදීත් ප්‍රථමයා වීම අපේක්ෂාවෙන් සරත් වීරසේකර කටයුතු කරන බව ද කියන ජගත් කුමාර, එය කිසිසේත් නොවන්නක් බව ද කියන්නට පටන් ගෙන තිබේ. ආණ්‍ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනතෙක් එම ගැටුම නතර නොවන බවකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් සතියේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීම පැවැත්වූයේ සූම් තාක්ෂණය ඔස්සේය. ඒ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙරය.

එහිදී එන්නත්කරණයේ ප්‍රගතිය හා ඉදිරි වැඩසටහන් පිළිබඳව ද වෛද්‍යවරු ජනාධිපතිවරයාට කරුණු දැක්වූහ. ඇතැම් වෛද්‍යවරු එන්නත් වැඩසටහනේ නිවැරැදි විය යුතු කරුණු පිළිබඳව කතා කළහ. “පාසල් ආරම්භ කරන්න කලින් දරුවන්ට එන්නත් ලබා දෙන්න අවශ්‍යයි. දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙන්න සූදානම් කර තිබෙනවා. මුලින්ම අවුරුදු 15ත් 18ත් අතර දරුවන්ට එන්නත දෙන්න අවශ්‍යයි.” යැයි ජනාධිපතිවරයා එහිදී කීවේය.

රනිල් වික්‍රමසිංහ ඉකුත් දින දෙකේම පාර්ලිමේන්තු රැස්වීම් ගැන වැඩි අවධානයක් දැක්වීය. ඔහුට ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු යෑමට විශේෂ හේතුවක් තිබුණේය. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් පිරිසක් දින කීපයකට පෙර පස්වෙනි  පටුමගෙහි පිහිටි රනිල්ගේ නිවසට පැමිණ කරුණු කීහ. “සර් අපට උසස් පෙළ විභාගය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් අයට සිලබස් කවර් කරලා නැහැ. විභාගය තියෙන දිනයක් ගැනවත් අපි දන්නෙ නැහැ.” සිසුහු රනිල්ට දුක කීවේය.
“බය වෙන්න එපා. උසස් පෙළ කියන්නේ දරුවන්ගේ කඩඉම. මම ඒ ගැන අධ්‍යාපන ඇමැතිවරයාත් සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන්නම්.” රනිල් කීවේය.

රනිල් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කරමින් ඒ ගැන විමසුවේය. අධ්‍යාපන ඇමැති දිනේෂ්, රනිල්ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය. මේ අතර අඟහරුවාදා පස්වරුවේ සිරිකොත මූලස්ථානයේදී  පක්ෂ රැස්වීමක් පැවැත්විණි.

“තරුණ පිරිසක් දැන් අපිත් එක්ක කතා කරගෙන යනවා. ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කරනවා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ජන්ම දිනය ද‌ා එය කරමු කියලත් යෝජනාවක් තිබෙනවා.” නියෝජ්‍ය නායක රුවන් සිය සැලසුම් නායකයාට පැහැදිලි කළේය.

(*** කස්තුරි)



අදහස් (0)

බලාගාර අර්බුදය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 109 0

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 110 0

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 2808 2

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 269 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1169 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 379 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 550 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2018 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1780 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site