IMG-LOGO

ලෝ සසුන් වැඩ වඩන සඳකිත් තෙරණුවෝ

තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් පැවිදි දිවියට එළඹ වසර 33ක් සපිරීම හෙටට (25) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කොළඹ 07, නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති ස්ථවිර පාදයන් වහන්සේ වනාහී අතීත ධර්ම දේශක තම ගුරු පරපුරටම අනුයාත වෙමින්, සම්බුද්ධ දේශනයටම අනුගත වෙමින්, බුදු සසුනට අනුප්‍රාණය දෙමින්, ධර්මයම අනුස්මරණය කරමින්, විනය ප්‍රඥප්ති අනුල්ලංඝනය කරමින්, ශ්‍රාවක සිත් අවිප්පටිසාරණය කරවමින්, නො පැහැදිලි දහම් කරුණු අවබෝධ කරවමින්, දහම කෙරෙහි ම අසන්නන්ගේ සිත් අලවමින්, සන්තානගත අකුසල් අවපසට දමමින්, දහම් දෙසන, ලෝ සසුන් වැඩ වඩන මෙත් - මුදු - කරුණා ගුණයෙන් බලළන, ව්‍යක්ත, විසාරද බහුශ්‍රැත, ධර්ම – විනය ධර සිල්වත් ගුණවත් භික්ෂුවරයකු බව ඊර්ෂ්‍ය පරවශ විරහිත කවුරුත් පිළිගන්නා සත්‍යයකි. “යම් දහර (තරුණ) භික්ෂුවක් මෙම බුදු සසුනෙහි ගුණ පිළිවෙත් පිරීමෙහි යෙදෙයිද, වළා ගැබෙන් මිදුණු පුන් සඳ මඬල සේ හෙතෙම මෙලොව ගුණ දහමින් බබළවන්නේය.” යනු සර්වඥ ප්‍රශස්ත දේශනාවෙකි. සඳ සදාකල් අප්‍රකට කිරීමට, සැඟවීමට කිසිවකුට හෝ කිසිවකට නුපුළුවන. එසේම මෙම බුදු සසුනෙහි ගුණ දහමින් පිරිපුන් භික්ෂුවද සදාකල් අප්‍රකට කළ නොහැකිය. සැඟවිය නොහැකිය. ප්‍රකටවේමය. අප චන්ද්‍රකීර්ති ස්වාමීන්ද්‍රයන්ගේ පැවිදි දිවිය ද එසේමය.

මේ මහා භද්‍රකල්පයෙහි පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද, මතු පහළ වන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද දැක්කා වූද, දකින්නා වූද මෙම චන්ද්‍ර මණ්ඩලය කල්ප විනාශය දක්වාම ප්‍රකට වන්නේය. බබළන්නේය. බුදු සුසුන් වන් පැවිද්දෙකුගේ ජීවිතයත් එසේම විය යුතුය. පෙරදිග කවියා සඳ මඬල තරම් උපමාවට ගත් වෙනත් වස්තුවක් නොමැති තරම් ය.

සුභාෂිත කවියා “ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු - එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු...” යනාදී කවි පද තුළින් ද විග්‍රහකොට ඇත්තේ සඳකිත් තෙරණුවන් වැනි සසුන් පුතුන් ගැන ම විය යුතුය. සැදැහැවත් මව්-පිය දෙපළක හිමිකම් ලැබූ චන්දකිත්ති හිමියෝ අසිරිමත් ගුරු පරපුරක ඇසුරින් පැවිදිකම් ද ලැබූහ. සසුන් ගැබ අග තරළ මිණි බඳු වූ පැළෑණේ ශ්‍රී වජිරඤාණ මහා නාහිමි, මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නාහිමි, අම්පිටියේ රාහුල මාහිමි යන ධර්මරක්ෂිත වංශයෙන් බුදු සසුන බැබළ වූ සඟ පියවරුනට අනුයාත වූ ගුණ නැණ බෙලෙන් යුතු සසුන් දරු සඳකිත් තෙරණුවෝ ගණදුරු දුරුකොට ලෝ සසුන් බබළවති.

චන්ද්‍ර වංකය වැනි වංක නැති, ඇද නැති අවංක, ඍජු ප්‍රතිපත්ති ගුණයෙන් හෙබි උන් වහන්සේ චන්ද්‍රෝපම ප්‍රතිපදාවෙන් යුක්ත යතිවරයෙකි. සඳ සැමටම සැමදාකම නවතාවයක් පිළිබිඹු කරන්නේය. එසේම චන්දකිත්ති හිමිපාණෝ කිසිවකු සමග නොඇලෙන, කිසිවකු හා නොගැටෙන නිතරම සිනාමුසු මුහුණින් නවතාවයකින් කවුරුත් සමඟ ආශ්‍රය කරන්නාහ. නාරද බෞද්ධ මධ්‍යස්ථානය තම දහම් බළකොටුව කර ගනිමින් දහමින්ද, අසරණ සරණයෙන්ද, පටිසන්ථාරයෙන්ද, කරුණාවෙන්ද සැමට පිහිට වන උන්වහන්සේගේ උදාර සේවය බුදු සසුනට ශක්තියෙකි. ජීවයෙකි. ආලෝකයෙකි. මෙබඳු පරමාදර්ශී චරිත තුළින් ලොවට සසුනට සිදුවන යහපත පමණ කළ නොහැකිය.

නොදියුණුවම දියුණුව යැයි හඟින, වැනසීමම සැනසීම යැයි සිතන, දුෂ්ඨ බවම ශිෂ්ඨ බව යැයි දරන, පින පව යැයි වරදන, පව පින යැයි සැනසෙන; දෙස, බස, රැසට නොව පරදෙස, පරබස, පරසමයට ආවඩන; රට, ජාතිය, ආගම ගැන නොතකන, සදාචාරයක් නොමැති උගත්කම් දරන, දහම අදහම යැයි පවසන, අදහම දහම යැයි ගොස නංවන, විනය අවිනය යැයි දොඩවන, අවිනය විනය යැයි කොඳුරන, පින් සිතට ගරහන, කාකයන් පසුපස හඹායන හංසයන් සේ නුසුදුසු වූවන්ගේ ආශ්‍රයම පතන, අසිරි දහම් සුරඟන අදහස් යැයි නිගා දෙන, සම්දිටු බව මිසදිටු බවින් වළහන, මිසදිටු බවෙහිම ඇලෙන, කළ පව්කම් හි සතොස් වන, පින්කම යනු කුමක්දැයි නොහඳුනන, මෙත් - මුදු - කරුණා ගුණ නොදැනෙන, බුදුවරයකු ගුණ බොහෝ විට නොහඳුනන, බුදු දහම නොවිමසන, බුදු පුත් සඟනගේ සිල් ඈ ගුණ නොදකින බොහෝ පිරිස් මතුව ඇති මෙවැනි විපරීත දුර්දාන්ත සමාජයක් සුවිනීත සුදාන්ත කරනු වස් වෙහෙසෙන තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ උපතින් පන්සාළිස් වසක්ද, පැවිද්දෙන් දෙතිස් වසක් ද, උපසම්පත්ති ලාභයෙන් සූවිස් වසක්ද සපුරති.

තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේට ලෝ සසුන් වැඩ වැඩුමට අයිරා සියවසක් කල් දිගාසිරි ලැබේවා!

(***)
තලවතුගොඩ ශ්‍රී ඤාණාරාම භාවනා මධ්‍යස්ථානාධිපති
මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි



අදහස් (5)

ලෝ සසුන් වැඩ වඩන සඳකිත් තෙරණුවෝ

abiththya Friday, 24 September 2021 01:10 PM

සාදු සාදු සාදු

:       1       9

කමල් Friday, 24 September 2021 09:01 PM

මේ අර ගීත රචනා කරන හාමුදුරුවන් ගැන විස්තරයක් නේ. ගීත රචනය භික්ෂූවකට කැප ද අකැප ද?

:       5       1

සඳනද Saturday, 25 September 2021 05:14 AM

සිරිදම්රැකි සඟපරපුර මිණිමුතුගෙන ගොතනා තෙවලාදම් දෙසමින් ලෝ නවඟසසුන් කරනා සිරිරාහුල මහපැනසිහ විදුරුමගම වඩිනා සඳකිත්ගොස වී සුපතළ ලෝසාසන දිලේවා !!! 

:       1       2

prasantha Saturday, 25 September 2021 07:24 AM

සාදු, සාදු ඔබවහන්සේ දිගුකලක් යහතින් වැජඹේවා...!

:       1       3

Indika Monday, 27 September 2021 05:33 PM

සාදු..! සාදු..! සාදු..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 761 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site