රට වට්ටන පාඩු ලබන රාජ්‍ය ආයතන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ රජයට අයත් ශ්‍රීලංකන් එයා ලයින්, ශ්‍රී ලංකා ටෙලි කොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ප්‍රතිව්‍යූහගත කරන බව සඳහන් වේ. රජයට අයත් ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණා දැමීමට යන බවත් එය රත්තරන් බිජු දමන කිකිළියක් එකවර බිත්තර සියල්ල ගැනීම සඳහා මරා දැමීමට සමාන ක්‍රියාවක් බවත් සමහර අය ප්‍රකාශ කර තිබේ.